පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ හෙට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට නියමිතව තිබෙනවා මේ සම්බන්ධයෙන්,
ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ ඇතුලු පත්වෙල මහ ලේකම්වරුන්ගේ සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණා.
කෙසේ වෙතත්, එම සාකචිඡාවට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වූයේ නැහැ.
කෙසේ වෙතත් එම පක්ෂ දෙකේ මහලේකම්වරු ප්‍රකාශ කළේ විපක්ෂය එක්ව පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමේ ක්‍රියාදාමයෙන් බැහැර නොවන බවයි.
එවන් පසුබිමක එම පළාත් පාලන ආයතන වල විපක්ෂයේ සියලු පක්ෂ එක්ව බලය පිහිටුවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂවල නියෝජිතයින් සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ මිල්ල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේදී පැවැත්වුණා.
පළාත් පාලන ආයතන 339කට සහිකයින් තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද වීමසීමෙන් පළාත් පාලන ආයතන 266 ක් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුනත් ඉන් පළාත් පාලන ආයතන 186 ක බහුතර බලය ඔවුන්ට අහිමි වුණා.
ඒ එම පළාත් පාලන ආයතන වල බහුතර සහිත සංඛ්‍යාවක් දිනා ගැනීමට ජාතික ජන බලවේගයට නොහැකි වීම හේතුවෙනුයි එම පළාත් පාලන ආයතන වල විපක්ෂයේ සියලු පක්ෂ එක්ව බලය පිහිටුවීම සම්බන්ධ සාකච්ඡා ආරම්භ වී ඇත්තේ.
පළාත් පාලවන ආයතන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් සමග සාකච්ඡාවක් එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම මාවත පක්ෂ කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.
මේ අතර, පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ ද සාකවිඡාවක් ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණය.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්රේවිදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ද සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා
Post a Comment