හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (16) නියම කළේය.2018 වසරේදී,
බේරුවල ආශ්රිත මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 17කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණය නියම කළේය.
Post a Comment