සිරුරේ තියන විස නසන දිගු දිවියක් ලබා දෙන සුවපත් අහරක් ගැනයි මේ කියන්න හදන්නේ,
කරපිංචා සම්බෝලය පුදුම තරම් රසයි.. ඒ වගේම හරිම ගුණයි... ඉතිං අපි බලමු කොහොමද හදන්නේ කියලා...
අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න මේවා...
කරපිංචා කොළ මිටක් විතර
අමුමිරිස් කරල් 4 හෝ 5
ගම්මිරිස් ඇට 12 පමණ
සුදුලූනු බික් 3
දියලුණු අවශ්‍ය පමණ
දෙහි බෑයක්
රතුලූණු ගෙඩි 2
පොල් මේස හැඳි 02
සාදන ක්‍රමය
අමුමිරිස් කපාගන්න .දැන් කරපිංචා ,සුදුලූනු ,රතුලූණු , ගම්මිරිස් ,අමුමිරිස් ,ලුණු ,ග්‍රයින්ඩ් කරගන්න .
පොල් ටික දමා නැවත ග්‍රයින්ඩ් කරගන්න .
දීසියකට දැමූ විගස දෙහි ඉස්ම එකතු කරන්න .
නැත්නම් කොල පැහැය වෙනස් වීමට ඉඩ ඇත.
මේ විදිහටම මිංචි සම්බෝල හදන්නත් පුලුවන් .
හැබැයි මිංචි හදපු ගමන් පාට වෙනස් වෙනවා .
කහට පිපීමක් වෙන නිසා .ඉක්මනින් දෙහි මිශ්‍ර කරන්න ...
මිරිස් ගලක් හැම ගෙදරම නැති නිසා ග්‍රයින්ඩ් කරගන්න කියලා ලිව්වෙ.නැත්නම් මේක මිරිස් ගලේ අඹරන්නත් පුලුවන් .
හදලා බලන්නකෝ... පුදුම රසයි.. මාරම ගුණයි...
Post a Comment