පාස්කු ඉරිදා ක්රන ප්රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි සැකකරුවන් දහ දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළා.මෙම සැකකරුවන්,
සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ත්රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන්ට අදාළ විමර්ශන අවසන් කර උදාන නීතිපතිවරයා වෙතඉදිරිපත් කර තිබුණා.නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව අදාළ සැකකරුවන් මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේන නියෝග කළා.සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ ඉල්ලීමක් කරමින් මෙම සැක කරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් භාරයේ තිබී පොලිසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩ ඔවුන් වෙත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව අදාල භාණ්ඩ සැක කරුවන් වෙත මුදාහරින ලෙසත් මහේ ස්ත්රාත්වරයා නියෝග කළා.
Post a Comment