ජනාධිපති කාර්යාලය සතු වාහන වෙන්දේසි කිරීමේ දෙවැනි අදියර යටතේ රුපියල් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් වාහන විකුණා ඇත්තේ රුපියල් මිලියන 200 ක මුදලකට බව ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි,

සභාපති අසංක රුවන් පොතුපිටිය කියා සිටියේ සුඛෝපභෝගි වාහන වෙන්දේසිකර ඇත්තේ ත්‍රිරෝද රථ අලෙවි කරන මුදලට බවයි.ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගි වාහන වලින් කොටසක් වෙන්දේසි කිරීමට රජය තීරණය කළ අතර එහි දෙවන අදියර ලෙස භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26 ක් වෙන්දේසි කිරීමට රජය පෙරේදා කටයුතු කළා.
මෙම වෙන්දේසිය සඳහා ව්‍යාපාරිකයින් 108 දෙනෙකු පමණ එක්ව සිටි අතර ඉන් වාහන 17 ක් පෙරේදා දිනයේ අලෙවි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
මෙම වෙන්දේසියේදී උපයා ඇති ආදායම රුපියල් මිලියන 200කට අධික බවත් එහි සඳහන්.
Post a Comment