ගම්මන්පිල පවසන්නේ පිල්ලෙයාන් යනු ජාතික වීරයෙකු බවයි .
නමුත් ඒ බව පිල්ලෙයාන්ට එරෙහිව සමාජ මාධ්‍යයේ ලියන දුවා දරුවන් නොදන්නා බවත්,
පිල්ලෙයාන් ඔහු උපන් මව්බිමට ඉටු කොට තිබෙන යුතුකම් රැසක් ගැනද පවසන ගම්මන්පිල,
පිල්ලෙයාන් සහ කරුණා කොටි සංවිධානයෙන් ඉවත් වන්නේ, එම සංවිධානයට අයත් හය දහසක පමණ පිරිසක් සමග බවත් පවසයි.
එමෙන්ම, 2006 වසරේ දී කොටි සංවිධානයට එරෙහිව හමුදාව දියත් කර තිබුණු මෙහෙයුම් සදහා කරුණා මෙන්ම පිල්ලෙයාන්ද සහභාගී වූ බව ගම්මන්පිල වැඩි දුරටත් පවසයි.
ඒ හේතුවෙන් නැගෙනහිර පළාත ඉතා ඉක්මනින් කොටි ග්රහණයෙන් මුදා ගැනීමට අපට හැකි වූ බව ගම්මන්පිල පවසයි.

Post a Comment