චීන භාණ්ඩ සදහා ඇමෙරිකාව විසින් 245% ක් දක්වා තීරු බද්දක් පනවන බව ධවල මන්දිරය අද නිවේදනය කර ඇත.
ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් මෙම පියවර ගත් බවත් ඇමරිකාව පවසයි.කෙසේ වෙතත්,
චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ වෙළෙඳ යුද්ධයකදී ඇමෙරිකාව සමග සටන් කිරීමට චීනය කිසිසේත් බිය නොවන බවයි.
ඇමෙරිකාවට සංවාදයක් අවශ්‍ය නම් මෙවැනි සාකච්ඡා මේසයට පැමිණිය යුතු බවද ඇමෙරිකාව චීනයට පනවා ඇති තීරු බදු ප්‍රතිශත පැහැදිලිව ඉදිරිපත් කළ යුතු බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරයි.
ඊට ප්‍රතිචාර ලෙස ඇමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ චීනයට එකඟතාවයක් අවශ්‍ය නම් පළමුව සාකච්ඡා මේසයට පැමිණිය යුත්තේ චීනය බවය.
.jpeg)
Post a Comment