ගාල්ලේ ප්රධාන පෙළේ හෝටලකට ගොස් ආහාර ඇණවුම්කර සිටි පිරිසකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
කාන්තාවන් සහ ළමයින් ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු නිවාඩුවක් සඳහා කොළඹ සිට ගාල්ලට ගොස් රාත්රී ආහාරය සඳහා මෙම හෝටලයකට ගොස් සිටියදී මෙය සිදුව ඇත.
මෙම පිරිස ඊයේ (16) රාත්රියේ අදාළ ආහාර ඇණවුම්කර සිටියදී විනාඩි 30කට පමණ පසු හෝටල් භාරකරු පවසා ඇත්තේ ආහාර අවසන් වී ඇති බව පවසා ඇති අතර,
එම අවස්ථාවේදී පැමිණ සිටි පිරිස පවසා ඇත්තේ "ආහාර නොමැති බව දැනුම්දීමට මිනිත්තු 30ක් ගත වූයේ ඇයි දැයි" යනුවෙනි.
ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් ඇතිව ඇති අතර, ආරවුල සිදුවෙමින් පවතින අතරතුර හෝටල් කාර්ය මණ්ඩලය ඔවුන්ට පහර දී ඇති බව වාර්තා වේ.
අදාළ හෝටලයේ සිටි 30 දෙනෙකු පමණ පහරදුන් බව පහරකෑ පුද්ගලයන් පවසයි.
තමන්ට පහරදෙන බවට කළ දැනුම්දීමකට අනුව ඔවුන්ගේ පවුලේ තවත් සාමාජිකයින් පිරිසක් මෙම ස්ථානයට වහාම පැමිණ ඇති අතර, ඔවුන්ටද හෝටල් කාර්ය මණ්ඩලය පහරදී ඇති බව වාර්තා වේ.
මෙම අනපේක්ෂිත සිදුවීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකුගේ හිසට ද, 17 හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඇසකටද තුවාල සිදුව ඇත.
එමෙන්ම 14 හැවිරිදි පිරිමි ළමයෙකුද මෙහිදී තුවාල ලබා තිබේ.
Post a Comment