ඊයේ රාත්රියේ හැටන් - මස්කෙළිය ප්රධාන මාර්ගයේ ගමන් ගත් ත්රිරෝද රථයක් දික්ඔය නගරයේ දී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් දහතුන් හැවිරිදි පාසල් සිසුවෙකු ඇතුළු 6 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
ත්රිරෝද රථය මගීන් හය දෙනෙකු සමඟ අධික වේගයෙන් ගමන් කර ඇති බව වාර්තා වේ.
තුවාලකරුවන් මුලින් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර,
ඉන් බරපතළ තත්ත්වයේ පසුවූ පාසල් සිසුවා ඇතුළු තිදෙනකු පසුව මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව හැටන් පොලිසිය පවසයි.අනතුර සිදුවී ඇත්තේ රාත්රී 7.30ට පමණ 17 වැනිදා රාත්රියේ දික්ඔය නගරයේ දීය.
අධික ලෙස බීමත්ව සිටි බව කියන රියැදුරුට වාහනය වේගයෙන් ධාවනය කිරීමේදී පාලනය කරගත නොහැකි වීමෙන් මස්කෙළිය සිට හැටන් දක්වා ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ පෞද්ගලික බස් රථයක ත්රිරෝද රථය මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ. මෙම බලපෑමෙන් වාහන දෙකටම සැලකිය යුතු හානියක් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
පරීක්ෂණ අඛණ්ඩව සිදුකෙරෙන බැවින් පෞද්ගලික බස් රථයේ රියදුරු සැකපිට හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Post a Comment