මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙන බව වාර්තා වේ.
ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම එය නම් කර ඇත්තේ K2-18b ලෙසයි.එමෙන්ම,
මෙම ග්‍රහයා සොයාගෙන තිබුණේ මෑතකදී ස්ථාපනය කෙරුණු ජේම්ස් වෙබ් දුරේක්ෂය මඟිනි.
ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් දෙක හමාර ගුණයක් තරම් වන K2-18b ග්‍රහයා පෘථිවියෙන් සැතපුම් ට්‍රිලියන 700ක් දුරින් පිහිටා වෙනත් මන්දාකිනියක සූර්යයෙක් වටා පරිභ්‍රමණය වෙමින් පවතී.
සාගර ශාක ප්ලවාංග සහ බැක්ටීරියා ශ්වසනයේදී නිපදවෙන වායූන් වන ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් අණු එම ග්‍රහයා වටා පිහිටි වායුගෝලයේ පවතින බැවින් එය සුබවාදී ලක්ෂණයක් බව විද්‍යාඥයින් පවසයි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ආයතනයේ ප්‍රධාන පර්යේෂක, මහාචාර්ය Nikku Madhusudhan පැවසුවේ "මෙය තවමත් ජීවය පවතින බවට ඇති ප්‍රබලම සාක්ෂියයි. මට යථාර්ථවාදීව කිව හැක්කේ අපට මෙම සංඥාව වසර එකකින් හෝ දෙකකින් තහවුරු කළ හැකි බවයි."
Post a Comment