ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වාදෙන්නේ, "සුපර් මුස්ලිම්" නමින් හඳුන්වනු ලබන නව අන්තවාදී මතවාදයක් මුස්ලිම් සමාජය තුළ ගොඩනැගෙමින් පවතින බවය.
නැගෙනහිර පළාතේ කින්නියා, කන්තලේ සහ මඩකලපුව යන ප්‍රදේශවල පැවති ජනහමු කිහිපයකදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, මෙම ව්‍යාප්තිය පොදු මුස්ලිම් ජනතාවගේ කැමැත්තෙන් තොර බව දැඩියෙන් අවධාරණය කළ අතර,
" නබි නායකතුමා කෙදිනකවත් නොකියන ලද කරුණු මත විකෘති අන්තවාදී ප්‍රවණතාවයක් යනවා. එය අනතුරුදායක නැද්ද? ඊට විරුද්ධව ආරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු නැද්ද? අපි එහෙම ක්‍රියාමාර්ග ගන්නවා."
ඔහු වැඩිදුරටත් පැවසූයේ, "එය මුස්ලිම්වරුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගයක් නොවේ.මුස්ලිම් ජනතාව ඇතුළු සියලු ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ග ගන්නවා."යන්නයි.
ජනාධිපතිවරයා සඳහන් කළේ, රාජ්‍ය ආරක්ෂක පද්ධතිය මුස්ලිම් ජනතාව ඇතුළු සියලුම ජාතීන්ගේ සහ ආගම්වල සමාන්‍ය ජනයාගේ ආරක්ෂාව සුරකිමින් ක්‍රියා කරන බවය. පොදු මුස්ලිම් ජනතාව විශාල ලෙස ආණ්ඩුවට සහය දක්වන අතර, ආරක්ෂාව සඳහා ගන්නා පියවරවලට ඔවුන්ගෙන් එකඟතාවයක් පවතින බව ද කීවේය.
මෙම ප්‍රකාශය, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනහමු අතරතුරදීම ප්‍රකාශ වුණි.
උපුටාගැනීම - ලංකාදීප

Post a Comment