වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වන අතර,
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මීට පෙර ඇමැති ධූරයන්හි ඉන්ධන දීමනාවට අමතරව මන්ත්‍රී ධූරයේ ඉන්ධන දීමනාව ද ලබාගෙන තිබුණි.
ඔවුන් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ තමන්ට අමාත්‍ය ධුරයට ලැබෙන ඉන්ධන දීමනාව පමණක් ප්‍රමාණවත් බවයි .
එසේම අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කරන පළමු අවස්ථාව මෙයයි.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු සිටින දුර අනුව ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් හිමි වන අතර, රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට හතර හමාර දක්වා වටිනා ඉන්ධන දීමනාවක් හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග පවසන අන්දමට වැඩිම ඉන්ධන දීමනාවකට හිමිකම් කියන්නේ උතුරු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.

Post a Comment