ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිකර තිබූ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට පුද්ගලයින් පිරිසක් විසින් පහරදීමක් සිදු කර ඇති අතර,
නිකවැරටිය ප්රාදේශීය සභාවේ අපේක්ෂකයෙකුගේ කාර්යාලයකට මෙසේ පහර දීම සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් දෙදෙනකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සදහන් කළ අන්දමට අත්අඩංගුවට ගත් අපේක්ෂකයන් දෙදෙනා හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරුන් වේ.

Post a Comment