විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයකු නිවසේ මිදුලේ සිටියදි අද (13) පස්වරුවේ දි වෙඩි තබා ඝාතනය කොට ඇත.
විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයකු නිවසේ මිදුලේ සිටියදි අද (13) පස්වරුවේ දි වෙඩි තබා ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.
අද (13) පස්වරු 4.30ට පමණ මෙම වෙඩි තැබිම සිදුවි ඇති බැව් පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
මෙසේ ඝාතනය කොට ඇත්තේ බුස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ අහංගම වලවගේ සිරිදත් ධම්මික (61)
නැමති විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයෙකි. මොහු අක්මිමන ඉහළගොඩ ප්‍ර දේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිට
ගෙවත්තේ උදැල්ලකින් වැඩකරමින් සිට ඇත. එම අවස්ථාවේදි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මිලිමීටර් නමය වර්ගයේ
ගිණි අවියකින් වෙඩි තබා පලාගොස් ඇත.
වෙඩිවැදිමෙන් බරපතල තුවාල ලැබු විශ්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයා 1990 ගිලන් රථයෙන් ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ
බාහිර ප්‍රථිකාර අංශයට ඇතුළත්කොට තිබුණි. ඒ වනවිටත් මොහු මියගොස් සිටි බව රෝහල් පොලිසිය පවසයි.
Post a Comment