ශ්‍රී ලංකාව 2025 වසරේදී ලෝකයේ ඉහළම පවුල සමඟ සංචාරය කළ හැකි ප්‍රමුඛ ගමනාන්තය ලෙස ශ්‍රේණිගත කර ඇත.
Condé Nast Traveler, ලෝකයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී සංචාරක සඟරාවක් වන අතර, ශ්‍රී ලංකාව 2025 වසරේදී ලෝකයේ ඉහළම පවුල සමඟ සංචාරය කළ හැකි ප්‍රමුඛ ගමනාන්තය ලෙස ශ්‍රේණිගත කර ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම් අතරින් දෙවන ස්ථානය ස්වීඩනයටද,
තුන්වන ස්ථානය නොර්වේ රාජ්‍යයටද හිමිව තිබේ.
විශේෂත්වය වන්නේ, මෙම ලැයිස්තුවේ මුල් 10 අතර ශ්‍රී ලංකාව හැරුණු විට කිසිදු ආසියාතික රටක් නොමැති බවයි. එය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් විශේෂ පිළිගැනීමක් වන අතර, දේශීය සංචාරක කර්මාන්තය සඳහාද ඉතාමත් ප්‍රයෝජනවත් තත්වයකි.
Condé Nast Traveler හි මෙම ගෞරවය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ සන්සුන් වෙරළ තීරය, සබරගමුව සහ උතුරු මධ්‍යම පළාත් කදුකරයේ කාළගුණය, ඉතිහාසය හා සංස්කෘතිය, සන්සුන් සුන්දර නේචර් රිසෝට් සහ සුඛෝපභෝගී හෝටල් පහසුකම් දායක වී ඇත.
මෙම පිළිගැනීම මගින් ශ්‍රී ලංකාව, ලොව ප්‍රමුඛ සංචාරකයන් සඳහා අතිශය ආකර්ෂණීය ගමනාන්තයක් බව තහවුරු කරයි.
Post a Comment