ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැනුම්දීමක්..😍

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණි.

කෙසේවෙතත් අද උදෑසන වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව ඇතැයි පවුලේ ඥාතීහු පැවසූහ.

තත්ත්වය එසේ තිබිය දී මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර යමින් පවතින අතර, ඒ සියල්ල අසත්‍ය බවත් මේ මොහොතේ මානසික පීඩාවන් ඇති නොකරන ලෙසත් මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටී.

එමෙන්ම ජනතාව එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකර ඇති බවත් ඇගේ පවුලේ ඥාතීහු වැඩිදුරටත් පැවසූහ.

උපුටා ගැනීමකි







Post a Comment

Previous Post Next Post
×

Join Our WhatsApp Channel

Stay updated with the latest news!

An ad may appear after clicking this.