නමක් ගමක් දන්නේ නෑ!- හැබැයි නියම මනුස්සයෙක් ❤
පැජරෝ එක හදන්න දාලා තිබුන නිසා ගොඩ දවසකින් කාර් එක එළියට ගත්තා. ටික දවසක් පාවිච්චි කළේ නැතත් යතුර කරකවපු ගමන් බඩු ස්ටාර්ට්.
උදේ 8-10 කොළඹ ලෙක්චර් එක ඉවර වෙලා එහෙම්ම මාතර එන්න මම කාර් එකට නැග්ගා. කාර් එක 1969 උනාට Driving pleasure එක උපරිම! පවර් ස්ටීයරින්ග් නෑ, ගියර් වෙනස් ඒක වෙනම ආතල් එකක්
කහතුඩුවෙන් Express way එකට දාලා, පැයට කි.මි 80-90 අතරේ තියන් ආවා. උදේට කාලා තිබුනෙත් නැති නිසා වැලිපැන්නෙන් මොනවහරි කන්න හිතන් Service area එකේ නැවැත්තුව.
කෑම කාලා ඇවිත් කාර් එකට නැගල ස්ටාර්ට් කරන්න බැලුවා ස්ටාර්ට් වෙන්නේ නෑ බැටරි බැහැලා වගේ. දෙතුන් පාරක් බැලුවා හරි යන්නේ නෑ.
වෙලාවත් දවල් 12 පැනලා. පට්ටම අව්වක්. මට උතුර දකුණ මාරු වෙලා. මොකක්ද කරන්න ඕන කියලා කල්පනා කරද්දී, වයස අවුරුදු 30ක් විතර කෙනෙක් කාර් එක ගාවට ආවා.
"මොකද අයියේ ස්ටාර්ට් වෙන්නේ නැද්ද"
මම: " නෑ මල්ලි බැට්‍රි එකේ කේස් එකක් වගේ"
"තල්ලුවක් දාන්නම් අයියා ස්ටාර්ට් කරන්න"
ඒ වෙලාවේ පට්ට අව්ව. මට අවුල් වගේ පොර තල්ලු කරන්නම් කිව්වම.
"නෑ මල්ලි නගින්න වාහනේට මම තල්ලු දාන්නම්"
"නෑ නෑ අයියට වාහනේ පුරුදුයි නේ, මම තල්ලු කරන්නම්"
වාහනේ තනිකර යකඩ ගොඩක්. දවල් 12ට අව්වේ තල්ලු කරනවා කියන්නේ වෙනම ගේමක්. කොහොමහරි පලවෙනි පාර තල්ලු කරා වැඩේ හරි ගියේ නෑ.
ඒ වෙලාවේ තව කෙනෙක් ආවා වාහනේ ළඟට. ලොරි ඩ්‍රයිවර් මහත්තයෙක්.
"මගේ ගාව තියෙන්නෙ පරණ ඔස්ටින් එකක්, ඕක තල්ලු කරලා ස්ටාර්ට් කරන්න පුළුවන්. ඔය දෙන්නා තල්ලු කරන්න මම ස්ටාර්ට් කරන්නම් කිව්වා.
ඊටපස්සේ ඒ අයියා වාහනේට නැග්ගා මමයි අර මල්ලියි තල්ලු කළා. කොහොමහරි එක ෂොට් එකෙන් ඒ අයියා වාහනේ ස්ටාර්ට් කළා"
මම ඒ දෙන්නටම මුව නොසෑහෙන්න පින් දීලා ස්තූති කරලා, වාහනේ ගාවට එද්දී අර උදව්වට ආපු මල්ලි ආයේ මගේ ළඟට ආවා
"අයියා කොහාටද යන්නේ?"
මම: "මම මාතරින් එක්සිට් වෙන්නේ මල්ලි"
"හරි අයියා තනියම නේ යන්නේ. මොනවහරි කේස් එකක් උනොත් කර ගන්න අමාරුයි නේ. මම පස්සෙන් එන්නම් මාතරට යනකම්. අයියා ඉස්සරහින් යන්න මම පස්සෙන් එන්නම්"
වැලිපැන්න සර්විස් ඒරියා එක ළඟ තියෙන්නේ 46කිමි කනුව, මාතර එක්සිට් එක ළග තියෙන්නේ 126කිමි කණුව. කි.මි 80ට ආසන්න ගාණක් ඒ මල්ලි මගේ පස්සෙන් ආවා.
අපරාදේ මට කලින් නම්බර් එක ඉල්ලන්න තිබුනේ. (ඒ වෙලාවේ මට කල්පනාවට ආවේ නෑ)
කව්රුත් උදව්වට ආපු නැති වෙලාවේ ගිනි අව්වේ ඇවිත් උදව් කරපු ඒ මල්ලි, තාමත් "හොඳ මිනිස්සු" ඉන්නවා කියලා මට පෙන්නලා ගියා. එතන තිබුණ සැප වාහන අස්සේ ලොරියේ ආපු අයියයි, මේ බෝලේරෝ එකේ ආපු මල්ලියි මට පෙන්නුවා තාම අපේ රටේ මනුස්සකම තියෙනවා කියලා.
මම ඇත්තටම නමක් ගමක් දන්නේ නෑ! ඒත් කියන්න තියෙන්නේ පට්ට මනුස්සයෙක් කියලා. මගේ වැඩේ නිසා පොර යන්න හිටිය ගමන වෙලාවට යන්න බැරි උනත්, මට ලොකු උදව්වක් කළා.
කරන කියන වැඩ කටයුතු උපරිමෙන්ම සාර්ථක වෙන්න කියලා මම බොක්කෙන්ම විශ් කරනවා.
වාහනේ නැවැත්තුවේ නැති නිසා මට ෆොටෝ එකක් විතරයි ගන්න පුළුවන් උනේ. දන්න කව්රුහරි සෙට් උනොත් කියන්න
Post a Comment