ලංකාවේ හදන ලැප්ටොප්වලට ඉහළ ඉල්ලුමක්
Paradise News
0
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ලැප්ටොප් පරිගණක 1000ක් පසුගියදා ප්‍රථම වතාවට සිම්බාබ්වේ වෙත අපනයනය කරන ලදී.
මෙම අපනයනය හරහා ඇමරිකන් ඩොලර් මිලියන 2ක ආදායමක් රටට ලැබී ඇති අතර, සිම්බාබ්වේ වෙතින් තවත් ලැප්ටොප් 6000ක් සඳහා ඇණවුමක්ද ලැබී ඇත. දකුණු අප්‍රිකාව, සුඩානය ඇතුළු රටවල් කිහිපයකට ශ්‍රී ලංකාවේ ලැප්ටොප් අපනයනය කිරීම පිළිබඳවද සාකච්ඡා සිදුවෙමින් පවතී.
දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රමුඛයකු වන ශ්‍රී ලාංකීය ආයතන කිහිපයක් වසර 40කට ආසන්න කාලයක් තිස්සේ අධ්‍යාපන, ව්‍යාපාර සහ රජයේ ආයතනවලට පරිගණක සැපයීමේ සේවාවන් ලබාදෙයි. එම ආයතන ISO 9001:2015, ISO 14001:2015, CE, FCC, ROHS වැනි ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබාගෙන ඇති අතර, සියලුම පාර්ශ්වයකට පරිගණක ලබා ගැනීමට හැකියාව තිබේ.
Thank you for staying with us.
Post a Comment