බොරු නම් එන්න කොමිසම් වාර් තාව කියවලම ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් ලැයිස්තුවත් තියෙනවා.1980 දශකයේදී ලංකාවේ වධකාගාරයක් ලෙස ප්රසිද්ම ස්ථානය බටලන්ද ...
ඊට අමතරව බූස්ස එහෙමත් තිබ්බා. නමුත් මේ බටලන්ද ඊට වඩා දරුණු විදිහට සමාජයේ කතිකා වුණා. ඒ එවකට ඇමතිවරයකු සහ බියගම ආසන සංවිධායක වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ වද කඳවුරට සෘජු සම්බන්ධයක් තිබුණ නිසා. ඒ බව තහවුරු වෙන්නේ කර්මමාන්ත ඇමතිව සිටියදී සහ අගමැති තනතුර දරද්දී රනිල් වික්‍රමසිංහ විසින් 1988 සිට බටලන්ද නිවාස සංකීර්ණයේ A 2/1 සහ A 2/2 යන නිවාස භාවිතා කර ඇති බවට හෙළි වීමත් එක්ක. පසුව 1994දී මැතිවරණ පරාජය වීමත් එක්ක එම ස්ථානයෙන් ඔහු ඉවත් වී තිබේනවා. අන්න ඒ නිවසට මීටර් 100ක් දුරින් පිහිටි අංක A 1/8 නිවසේ තමයි ඔය කියන රනිල් වධකාගාරයක් පවත්වාගෙන ගිහින් තියෙන්නේ. (ඒ බව බටලන්දට ගිනි තැබුවෙමු පොතේ පිටුව අංක 211 තියෙනවා)
ඔය තැන ඒ කියන්නේ බටලන්ද වධකාගාරය හැදෙන්නේ වෙනස්ම විදිහකට. ඒ1979දී. සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් අතුරු නිෂ්පාදනයක් ලෙස ලැබෙන නැප්තා භාවිතා කරමින් යූරියා නිෂ්පාදනය කරන්න හදන පොහොර කර් මාන්ත ශාලාවක් විදිහට. පසසේ ඒ කර් මාන්ත ශාලාවේ සේවයේ නියුතු, දේශීය හා විදේශීය ඉංජිනේරුවන්ට ඉන්න හදපු තැන තමයි ඔය රනිල් වික්‍රමසිංහ වධකාගාරයට ගන්නේ.
බටලන්ද නිවාස සංකීර් ණයේ නිවාස තරමක් දුරස්ථව පිහිටි විධිමත් නිවාස සංකීර් ණයක් බව ඒ කාලේ එම ස්ථානයට ගොස් තිබුණු මාධ්‍යවේදී සී.ජේ. අමරතුංග සඳහන් කරලා තියෙනවා. 1989ට පෙර ඉංජිනේරු සිසුවකු වූ අමරතුංගගේ ඉංජිනේරු මිතුරෝත් මෙහි පදිංචිව වෙලා හිටි බවත් එවකට ජවිපෙ විරෝධී ශිෂ්‍ය සංගමයක් හා දේශපාලන කණ්ඩායමක් වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයක් සඳහාත් මෙම නිවාස ලබා දී තිබුණු බවත් අමරතුංග සඳහන් කරලා තියෙනවා.
(මෙම නිවාස අතර හමුදාව හා පොලිසිය විසින් භාවිතා කරන ලද නිවාස ද තිබිණි. ඇතැම් නිවාස රජය සමග එක්ව කටයුතු කළ මැරවරයන් වැනි අයට ද ලබා දී තිබුණු බව සහ නිවාස කීපයක වධකාගාර පවත්වාගෙන ගිය බව නන්දන වීරරත්න පෙන්වා දෙයි. එම වධකාගාරය ගැන ඔහුට මුල් වරට තොරතුරු ලැබෙන්නේ, 1993දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ විහාර හල්මිල්ලෑව ගමේදී හමු වූ හිටපු හමුදා සෙබළකුගෙන් බව ‘බටලන්දට ගිනි තැබුවෙමු’ කෘතියෙහි 34-37 පිටුවල දැක්වේ.)
බටලන්ද වධකාගාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවෙහිදී රනිල් වික්‍රමසිංහ ද සාක්ෂි ලබාදුන්නේ තම බටලන්ද නිවාස සංකීර්ණයෙහි පදිංචි වී සිටි මුත්, එහි වධකාගාරයක් තිබුණු බව තමන් දැන නොසිටි බව රනිල් වික්‍රමසිංහ සාක්ෂි දෙමින් පැවසූ බවත් නන්දන වීරරත්න පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර් ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව හමුවේ එහිදී වධහිංසනයට පාත්‍ර වූ අය ද සාක්ෂි ලබාදුන්නා. ඒ බව තමයි අද බිමල් රත්නායක පාර්ලමෙන්තුවේ දී කියන්නේ.
මෙම වධකාගාරයට සම්බන්ධ වැරදිකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති කොමිෂන් සභාව නිර් දේශ කළ බව ‘බටලන්දට ගිනි තැබුවෙමු’ පොතේ නන්දන වීරරත්න පෙන්වා දෙනවා. එ් වුණත්, ඒ සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීමක් කිරීමට කොමිෂන් සභාව නිර් දේශ කරලා නැහැ.
එසේම පොලිස් නිලධාරිවරයකු වූ ඩග්ලස් පීරිස්ගේ නම ද බටලන්ද වධකාගාරය සමග සම්බන්ධ වෙනවා. ඒ 1989දී ඝාතනය කිරීම සඳහා වයස අවුරුදු 16 ක ළමයෙකු පැහැරගෙන, බටලන්ද වධකාගාරයට ගෙන යෑම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරමින්, ගම්පහ මහාධිකරණය 2009 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් ඇතුළු පිරිසකට ලබා දුන් තීන්දුවක් ස්ථිර කිරීමට අභියාචනාධිකරණය 2024 ජුලි 25 වැනිදා නියෝග කිරීමත් සමඟ.
පස්සේ තමන් වැරදිකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත් කරන ලෙස ඉල්ලමින් ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු එම තීන්දුවට එරෙහිව 2009 වසරේදී අභියාචනාධිකරණයට අභියාචනා කරනවා. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ, එහි තීන්දුව පසුගිය 25 වෙනිදා ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය පස් වෙනි චූදිත බද්දේගම රංජිත් ජයසේකර පමණක් මුදා හැරීමට නියෝග කළා. විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්ට වසර 05 ක බරපතල දඬුවම් එලෙසම ක්‍රියාත්මක කල යුතු බවටයි නැවත තීන්දුව වුණේ.
නමුත් මෙම ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් නිර් දේශ කර ඇති එක් ප්‍රධාන නිර් දේශ වන්නේ "පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිට ම උල්ලංඝණය කර ඇති හඳුනාගනු ලබන පුද්ගලයින්ගේ 'ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ' ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැනවීමට අවශ්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීමට," නිර් දේශ කිරීමයි.
ඒ බව සඳහන් වන්නේ කොමිසමේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වාර්තාවේ 124, 125 පිටුවල ය.
විධායකය නියෝජනය කරනු ලැබූ යම් යම් පුද්ගලයින් විසින් මුලික අයිතිවාසිකම් දිගින් දිගට ම උල්ලංඝණය කර ඇත්තේ ඔවුන්ගේ හැසිරීම්වලට අප්‍රමාදීව උචිත දඬුවම් නොලැබුණු නිසා බවත් එහි සඳහන්.
අදාළ අධිකරණවලට නීතිවිරෝධී දෙයක් සිදුවන ස්ථානවලට ගොස් පරීක්ෂණ පැවැත්වීමේ බලය ලබා දීමට අවශ්‍ය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සිදුකළ යුතු වෙනස්කම් සිදු කිරීමට කමිටුවක් පත් කිරීමට ද මෙහි නිර් දේශ කර තිබේනවා.
මෙවැනි ක්‍රියාවන්ට වගකිවයුතු වූයේ පොලිස් නිලධාරීන් ම වූ නිසා එවැනි අවස්ථාවක කිසිවෙකුත් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ පැමිණිලි කිරීමට බියක් දැක්වීම වැළක්වීම සඳහායි එම නිර් දේශ ලබා දී තිබේන්නේ.
මීට අමතරව මෙම කොමිසමට ලැබුණු සියලු පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කිරීමට නිර් දේශ කිරීම ඇතුළු තවත් නිර්දේශ කිහිපයක් මෙම වාර්තාවේ ඇතුළත්.
*ලේඛන ගත කොට ඇති 'බටලන්ද කොමිසම් වාර්තාව' link එක පහතින් අමුණා ඇත.
Download the Batalanda Commission Report
මේ සටහන නුවන් ඉෂාර ගමගේගේ මුහුණු පොතෙන්
ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් ලැයිස්තුව..
1. 1989 දී කොළඹ දිස්ත්‍රික්කයේ හෝකන්දර සමූහ සුසානය. මෙහිදී සිරුරු 19 ක් හමු වූ අතර ඒ සියල්ල ම හඳුනාගෙන ඇත. 89 ජවිපෙ කැරැල්ල සමයට අයත් ය. මරා දමුනු ලැබූ අයගේ සිරුරු, 1989 අගෝස්තු 13 වැනිදා බෝම්බයක් පිපිඉරීමෙන් හටගත් වළකට දමා පුලුස්සා තිබේ.
2. 1989 දී මහනුවර දිස්ත්‍රික්කයේ අංකුඹුර සමූහ සුසානය. සොයාගත හැකි වූ මළසිරුරු ගණන 39 කි. 89 කැරැල්ල සමයේදී සිදු වූ ඝාතනයන් ය.
3. 1989 දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය සමූහ සුසානය. සිරුරු 20 ක් සොයාගන්නා ලදී. ඒවා ද 89 කැරැල්ල සමයට අයත් විය. මෙම සිරුරු ගොඩගැනීමෙන් පසු ඒවාට කුමක් සිදු වූයේදැයි දැනටත් අබිරහසකි.
4. 1989 මාතර දිස්ත්‍රික්කයේ විල්පිට සමූහ සුසානය. මෙම සිරුරු ද 89 කැරැල්ල සමයට අයත් වූ අතර කිසිඳු කොමිෂන් වාර්තාවක මළ සිරුරු සංඛ්‍යාව නිශ්චිතව දක්වා නැත. සමූහ මිනීවල හමුවන්නේ යුද හමුදා කඳවුරක් පිහිටි ස්ථානයක ය.
5. 1990 දී හමුවූ ගම්පහ දිස්ත්‍රික්කයේ වවුල්කැලේ සමූහ සුසානය. වවුල්කැලේ රක්ෂිතය තුළදී 12 දෙනෙකු ඝාතනය කර ටයර් දමා පිළිස්සු බවට සාක්ෂි ඇත. මෙය 89 කැරැල්ල සමයේදී සිදු වූ අවසන් සමූහ ඝාතනය යැයි සැළකේ. වයස 17-34 අතර තරුණයින් 34 දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන සිදුකළ ඝාතනයක් වන අතර ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සිටිය හෙයින් විස්තර හෙළි විය. නමුත් හඳුනාගත් සැකකරුවෝ සියලු දෙනා 2000 දී නිදොස් කොට නිදහස් කරන ලදී.
6. 1994 දී හමු වූ ගම්පහ දිස්ත්‍රික්කයේ වල්පිට රජයේ ගොවිපළ තුළ සමූහ සුසානය. මහේස්ත්‍රාත් නියෝගය මත මළසිරුරු 30 ක් හමු විය. ජවිපෙ සැකකරුවන්ගේ බවට සැක කෙරේ. පරීක්ෂණ කළ මහේස්ත්රාත්වරයාට ස්තාන මාරුවක් ලැබුන අතර, මුලින්ම අත් අඩංගුවට පත් සැකකරුවෙකු වූ නිමල් ප්‍රනාන්දු, පසුකලෙක වයඹ පළාත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ද බවට පත්විය.
7. 1994 දී හමු වූ රත්නපුර දිස්ත්‍රික්කයේ සූරියකන්ද සමූහ සුසානය. 89 කැරැල්ල සමයේ මෘතදේහවල ශේෂයන් වන අතර, හමු වූ මළ සිරුරු ගණන 300කට අධික ය. ඇඹිලිපිටියෙන් අතුරුදහන් වූ පාසැල් සිසුන් 46 කගේ සිරුරුද එහි ඇති බවට සැක කෙරේ. කැණීම්වල අවිධිමත් බවින් සාක්ෂි සියල්ල විනාශ වූ සමූහ මිනීවලකි. පරීක්ෂණවලට සහභාගී වූ නීතීඥයෙකුට වෙඩි තබණ ලද අතර, හාරන ලද වළවල්වලට පස් සහ වතුර දමා කිහිපවරක් වසා ඇත. මිනිස් හිස් කබලක් සහ සිවුරක් අලුතෙන් වළලා සාක්ෂි ව්කෘති කරන ලදී. මේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙකු වූ කර්නල් ආර් පී ලියනගේ පසුකලෙක බ්‍රිගේඩියර් තනතුරට උසස්වීම් ලැබීය. සිසුන්ගේ දෙමව්පියන්ගේ පෞද්ගලික මැදිහත්වීමෙන් නඩු පැවරුවද නිසි යුක්තිය ඉටු නොවිණ.
8. 1994 දී හමු වූ ගම්පහ දිස්ත්‍රික්කයේ එස්සැල්ල සමූහ මිනීවල. 89 කැරැල්ල සමයට අයත් සිරුරු හමුවිණ. කොමිෂන් වාර්තාවලට අනුව මේ සිරුරු අයත් වන්නේ බස්නාහිර පළාතේ හමුදා කඳවුරකට 1989 සැප්තැම්බර් 19 දා ගෙනයන ලද සිරකරුවන් 15කට හෝ 16කට ය. කාන්තාවෝ තිදෙනෙක් ඒ අතර විය.
9. 1995 හමුවූ කොළඹ දිස්ත්‍රික්කයේ බොල්ගොඩ වැවේ තිබූ සිරුරු. මළ සිරුරු ගණන 21 කි. ඒවා LTTE සාමාජිකයින්ගේ මළ සිරුරු ය. පොලිස් විශේෂ කාර්ය බළකායේ 21 ක් සහ සාමාන්‍ය වැසියන් තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගෙන නිදහස් කරන ලදී.
10. 1999 දී හමුවූ යාපනය දිස්ත්‍රික්කයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේ සමූහ සුසානය. 1987 දී ඉන්දීය සාම සාධක හමුදා විසින් මරා දමන ලද යාපනේ වාසීන්ගේ සිරුරු යැයි සැක කරන නමුත් සිරුරු හඳුනාගත නොහැකි විය. සිරුරු 40-50 අතර ශේෂයන් හමුවිය.
11. 1999 දී හමුවූ යාපනය දිස්ත්‍රික්කයේ චෙම්මනි සමූහ සුසානය. 1996 දී පාසැල් ශිෂ්‍යාවක වූ 'ක්‍රිෂාන්ති කුමාරස්වාමි' සහ ඇගේ මව, සොහොයුරා, සහ අසල්වාසියෙකු ඝාතනය කළ ලාන්ස් කෝප්රල් සෝමරත්න රාජපක්ෂ ඇතුලු හමුදා සෙබළු පස් දෙනෙකුට එරෙහි නඩු විභාගයේදී මෙම සුසානය හමුවිය. අදාල අයට අමතරව තවත් මළසිරුරු 400 ක් පමණ එහි වළදමා ඇතිබව සැකකරු පාපොච්ඡාරණය කළේය. නමුත් සොයාගත හැකි වූයේ ඉන් 15 ක් පමණි. ප්‍රධාන සැකකරු වූ ලාන්ස් කෝප්රල් සෝමරත්නට පමණක් ක්‍රිෂාන්ති කුමාරස්වාමි ශිෂ්‍යාව දූෂණය කොට මරාදැමීම ඔප්පු වීමෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. ඊට සම්බන්ධ යැයි ඔහු හෙළිකල තවත් හමුදා සාමාජිකයෝ 17 දෙනෙකු පමණ නඩුවෙන් නිදහස් වී ඉන් 4 දෙනෙකු උසස්වීම් ලැබූහ.
12. 2000 දී හමු වූ යාපනය දිස්ත්‍රික්කයේ මිරුසුවිල් සමූහ සුසානය. සිරුරු ගණන 8කි. ළමුන් 3 දෙනෙකි. ඉන් එක් දරුවෙකු පස් හැවිරිදි වූ අතර එම දරුවාගේ සිරුරේ වධ හිංසාවලට ලක් වූ සලකුණු හඳුනාගැණින. නඩුව චාවකච්චේරි අධිකරණයේ ආරම්භ විය. සැකකාර හමුදා නිලධාරීන් ගණන 14 කි. අනතුරුව මෙම නඩුව අනුරාධපුරයටත්, එතැනින් කොළඹ මහාධිකරණයටත් ලෙස ස්ථානය වෙනස් කරන ලදී . යුද හමුදා දිගුදුර විහිඳුම් බළකායේ සුනිල් රත්නායකට 2015 දී මරණ දණ්ඩනය හිමිවිය. අභියාචනාධිකරණයද එය තහවුරු කරන ලදී. 2020 දී ගෝඨාභය රාජපක්ෂ මෙම අපරාධකරුට ජනාධිපති සමාව ප්රදානය කළේය.
13. 2010 දී හමුවූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගණේෂපුරම් සමූහ සුසානය. සිරුරු ගණන 6කි. වැසිකිලි වළකින් හමුවිය.
14. 2012 දී මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ මහ රෝහල් පරිශ්‍රයෙන් හමුවු සමූහ සුසානය. ගොඩගත් සිරුරු ගණන 155 කි. කැණීම් සඳහා නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වාට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලදී. මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවට අනුව හිස් කබල්වලට ඇණ ගසා මරණ ලද සලකුණු ඇති බව තහවුරු විය. 1980 අග භාගයට අයත් බව තීරණය කර ඇත. නමුත් එක්සත් ජනපදයට යැවූ සාම්පල පරීක්ෂාවේ නිගමනය වූයේ මෙම සිරුරු 1950 ට ආසන්න ඒවා වියහැකි බවය.
15. 2013 දී හමුවූ මන්නාරම දිස්ත්‍රික්කයේ තිරුකේතීස්වරම් සමූහ සුසානය. LTTE ය විසින් මරා දමනලද යුද හමුදා භටයින්ගේ සිරුරු 80කට වඩා මෙහිදී හමුවිය. තවත් සිරුරු ගොඩගන්නට තිබේ. බොහෝ සිරුරුවල අත් පිටුපසට කොට ගැටගසා තිබේ. තවමත් එම ශේෂයන් මහේස්ත්‍රාත් භාරයේ පවතින අතර නියෝගයන් හා මුදල් නොමැතිවීම මත පරීක්ෂණ නවත්වා ඇතැයි ප්‍රකාශ විය.
16. 2014 මඩකළපුව දිස්ත්‍රික්කයේ කළුවන්චිකුඩි සමූහ සුසානය. මළ සිරුරු 160 කට වැඩිය. කොටි සංවිධානය විසින් 1990 ජූලි 12 දින කුරුක්කල්මඩමින් පැහැරගත් මුස්ලිම්වරුන්ට අයත් යැයි සැළකේ. සිරුරු 160 න් එකක් හෝ මේවනතෙක් ගොඩ ගෙන නැත. පරීක්ෂණ නැවතුනේ මහින්ද රාජපක්ෂ සමඟ විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) සම්බන්ධ වීමත්, එහි සබඳතා හෙළිවන බවට වූ සැකයත් නිසා ය.
17. 2018 දී හමුවූ මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම සතොස ගොඩනැගිල්ලට අයත් භූමියේ සමූහ සුසානය. කුඩා දරුවන් 28 ක් ඇතුලු 318 කගේ සිරුරු ගොඩගන්නා ලදී. කකුල් යකඩ කම්බි මඟින් බැඳ තිබිණ. ෆ්ලොරීඩාවේ කාබන් දත්තපරීක්ෂාවකට අනුව ඒවා 15-18 ශතවර්ෂවලට අයත් යැයි සඳහන් විය.
18. 2019 දී හමු වූ මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩියිරිප්පු සමූහ සුසානය. සිරුරු ගණන 9කි. පරීක්ෂණ අවසන් නැත.
19. 2020 දී මුලතිවු දිස්ත්‍රික්කයෙන් හමුවූ මුලතිවු සමූහ සුසානය. සිරුරු ගණන නොදනී. ආණ්ඩුව විසින් පිහිටුවන ලද අතුරුදහන් වූවන්ගේ කාර්යාලය විසින් නඩුව විමර්ශනය කෙරේ. තොරතුරු නොමැත.
20. 2020 කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සමූහ සුසානය. තොරතුරු නැත.
ලංකාව අපරාධ රාජ්‍යයකි. සියලු පාර්ශ්ව සියලු යුගයන්වලදී සියලු ජනවර්ග සමූහ ඝාතනය කොට ඇත. ඒ සිරුරුවලින් හමුවන සලකුණු අනුව අමානුෂික වධ බන්ධනයන්ට ලක් කර ඇත. ඉතා කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ඝාතනය කර ඇත. දූෂණය කොට ඇත.
මේ සිරුරු ගොඩගත යුත්තේ ඇයි? පරීක්ෂණ කළ යුත්තේ ඇයි?
සියලු අපරාධකරුවන්ට දඬුවම්ලැබිය යුතුය. වින්දිත පවුල්වලට හා මියගියවුන්ට යුක්තිය ඉටුවිය යුතුය. ඒ කිසිවක් නැතත් වධ වේදනා විඳ එකා පිට එකා මැරී වැටීම වෙනුවට, මියගියේ කවුදැයි හඳුනාගෙන තමන්ට වෙන් වූ සුසානයක ගෞරවණීය සමුදීමක් සහිතව භූමදානය වන්න ඒ සෑම මළ සිරුරකට ම මිනිසෙකු ලෙස අයිතිවාසිමක් ඇත.
ලංකාවට තවම මේ ගැන හරිහමන් නීතියක් නැත. අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ඇති "චූදිතයින් නොමැති හෝ හඳුනානොගත්" අපරාධවල පටිපාටිය අනුව මේ සිරුරු පරීක්ෂා කොට සියල්ල අවසන් කිරීම යුක්තිසහගත නොවේ.
පහත තාච්චිවල ඇත්තේ ඔබගේ හිස නම්? එළැඹීමට නියමිත අයුක්තිසහගත මොහොත වෙනස් කිරීමට දැන්ම කටයුතු කළ යුතු නොවේද?
(ඡායාරූපය : මන්නාරම සමූහ සුසානය. ශ්‍රී ලංකාව)
Post a Comment