ජනාධිපති අරමුදල ගමට
Paradise News
0
ජනතාවට වඩා ඵලදායි සේවාවන් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල යටතේ පළමු ගෙවීම පසුගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහය මත පෙරේදා (14) දින සිදුකෙරිණි....
මෙම ගෙවීම, චෙක් පතක් මඟින් අදාළ වෛද්යාධාරලාභී රෝගියා වෙත ඔහුගේ නිවසේදී ප්රදානය කරන ලදී.
පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වෛද්‍යාධාර ඉල්ලුම් කරන ලද අයඳුම්පත් සහ අදාළ ලේඛන නව තාක්ෂණය මඟින් ජනාධිපති අරමුදල වෙත යොමු කිරීම සිදු කරයි. ජනාධිපති අරමුදල විසින් පළමු ගෙවීම සිදු කිරීම සඳහා පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෝරා ගෙන තිබේ.
උදාහරණයක් ලෙස, මොලොගම්මුව උතුරු ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පදිංචි, 500325 ගොනු අංකය අයත් වූ රෝගියෙකු හෘද සැත්කම සඳහා මූල්‍යාධාර ඉල්ලුම් කර, ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලබා ගත්තේය.
පහසුකම් කොළඹට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලේ සේවා සැපයීම, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ අදහස අනුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් 2025 වසරේ පෙබරවාරි 7 වැනි දින සිට ආරම්භ කරන ලදි. මෙහිදී නව තාක්ෂණය සහ ජාලකරණය මඟින් මෙම සේවාව ජනතාවට ආසන්නයට ගෙන ඒමට කටයුතු කෙරිණි.
Thank you for staying with us.
Post a Comment