වර්තමානය වන විට ඉතා සීඝ්රයෙන් වර්ධනය වන තවත් එක් එක් රෝග තත්ත්වයක් ලෙස අක්මාවේ මේදය තැන්පත් වීම හඳුනා ගත හැකිය. එනම් අක්මාවේ මේදය තැන්පත් වීමට නොයෙක් හේතු බලපානු ලබන අතර එම හේතු ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ හඳුනා ගත හැකිය..
1. මධ්‍යසාර භාවිතා කිරීම නිසා අක්මාවේ මේදය තැන්පත් වීම.
2. මධ්‍යසාර භාවිතා කිරීමෙන් තොරව අක්මාවේ මේදය තැන්පත් වීම.

මේ ආදී වශයෙන් ඛාණ්ඩ දෙකක් යටතේ අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන හේතු හඳුනා ගත හැකිය. එනම් මධ්‍යසාර භාවිතා කිරීම නිසා අක්මාවේ මේදය තැන්පත් වන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එනම් මෙය වෛද්‍ය පරීක්ෂණ වලින්ද අද වන විට තහවුරු වී තිබේ. එනම් මද්‍යසාර භාවිතා කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වී එය සිරෝසිස් රෝග තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. නමුදු මෙම රෝග තත්ත්වය සඳහා නියමිත ඖෂධ භාවිත කිරීම මඟින් එම රෝගය සුව කර ගැනීමට හැකියාව පවතී.
ඊට අමතරව නොයෙක් ආහාර පරිභෝජනය කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවේ. එනම් විශේෂ කොට අහිතකර රසායනික සංයෝග අඩංගු ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් අක්මාව නිතර ක්‍රියාත්මක වේ. එනම් අක්මාව නිතර ක්‍රියාත්මක වීමෙන් ෆැට්ලීවර් රෝග තත්ත්වය ඇති විය හැකිය.
පසුව අක්මාව ක්‍රම ක්‍රමයෙන් දුර්වල වී විෂ හරණය වීම නිසියාකාරව සිදු නොවේ. මේ නිසා අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවේ. එනම් එහිදී කෘතිම රසකාරක එනම් අප ගනු ලබන ආහාර වල කෘතිම රසකාරක, වර්ණකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරන ලද ආහාර වර්ග එනම් බිස්කට්, කෝඩියල්, සෝස්, පිටි සහිත ආහාර වර්ග වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවේ.
අසංතෘප්ත මේද අම්ල - එනම් පොල් තෙල් හැරුණු කොට අනෙකුත් අසංතෘප්ත මේද අම්ල අක්මාවේ මේදය තැන්පත් වීමට හේතු වේ. එනම් සෝයා තෙල්, මාගරින්, ෆාල්තෙල් වැනි තෙල් වර්ග නිෂ්පාදනය කරන විට ඔමේගා අම්ල අනුපාතය වෙනස් වේ. ඒ නිසා අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවේ. එම නිසා පොල් තෙල් හැරුණු කොට අනෙකුත් තෙල් වර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුය.
ආහාර වල අඩංගු කෘෂි රසායනික සංඝටක. එනම් අප ගනු ලබන එළවළු, පළතුරු පළා වර්ග සඳහා යොදන කෘමි නාශක, වල්නාශක වැනි කෘෂි රසායනික සංඝටක ආහාරයට ගැනීම මගින් එම ආහාර වල විෂ අක්මාවේ තැන්පත් විය හැකිය. මීට අමතරව මස් වර්ග පිටි සහිතආහාර, කිරිපිටි වර්ග, ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම ආදියද අක්මාවේ තෙල් තැන්පත් වීමට හේතු කාරක වේ.
දියවැඩියා රෝගය, අධික ස්ථුලතාවය රෝග සඳහා භාවිතා කරන නොයෙක් ඖෂධ වර්ග, ව්‍යායාම නොකිරීම, ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ග, උෂ්ණාධික ආහාර එනම් ඉස්සන්, දැල්ලන්, පොකිරිස්සන්, කකුළුවන්,හරක් මස් ඌරු මස් වැනි උෂ්ණ අධික ආහාර වර්ග භාවිතා කිරීම අක්මාවේ මේදය තැන්පත් වීමට හේතු වේ.
අක්මාවේ මේදය තැන්පත් කිරීම අවම කර ගන්නේ කෙසේද?
මධ්‍යසාර භාවිතා කිරීම අවම කරන්න. බොහෝ දෙනෙකුට අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ මධ්‍යසාර බහුලව භාවිතා කිරීමයි. එම නිසා මෙම රෝග තත්ත්වය සුවකර ගැනීමට මධ්‍යසාර භාවිතය අවම කළ යුතුය.
අක්මාවේ මේදය ඉවත්කර ගැනීමට ඒ සඳහා සුදුසු ආහාර භාවිතා කිරීම සිදු කළ යුතුය. එනම් නැවුම් එළවළු, පලතුරු තන්තු සහිත ආහාර, කොළ පැහැති පළා වර්ග, මාළු වර්ග එනම් ඔමේගා ත්‍රි මේදය අඩංගු මාළු වර්ග වැඩි වශයෙන් ආහාරයට ගත යුතුය. මේදය අඩු කැලරි අඩු ආහාර වර්ග භාවිතා කළ යුතුය. ගම් මිරිස්, සුදුළූණු, කරපිංචා, උළුහාල් සූදුරු මාදුරු, කොත්තමල්ලි වැනි කුළුබඩු වර්ග ආහාර පිසීමේ දී වැඩි වශයෙන් එකතු කර
ගත යුතුය.
ෆැට්ලවර් රෝගය සදහා සුදුසු ආහාර
අක්මාවේ මේද තැන්පත් වීම මගින් අක්මාව දුර්වල වීමෙන් මෙම රෝග තත්ත්වය ඇති වේ. මෙම රෝග තත්ත්වය සඳහා වඩාත් සුදුසු වන්නේ කැඳ වර්ග සකස් කර පානය කිරීමයි එනම්
* හිං බෝවිටියා කොළ කැඳ පානය.
*මොනර කුඩුම්බිය කැඳ පානය.
*යකිනාරං කොළ කැඳ පානය.
*කරපිංචා කොළ කැඳ පානය.
* ගොටු කොළ කොළ කැඳ පානය.
ඕලු කැඳ පානය. මේ ආදී වූ කැඳ වර්ග හීනටිහාල් සමග පොල් කිරි එකතු කර ආහාරයට ගැනීම ගුණදායක වේ. මේ සඳහා කිතුල් හකුරු භාවිතා කරන්නේ නම් වඩාත් සුදුසු වේ. නමුදු බොහෝ කොලෙස්ටරෝල් ඇති පුද්ගලයින් දෙවැනි හෝ තුන්වැනි කිරි දමා පානය කිරීම වඩාත් සුදුසුය. මෙමගින් කොලෙස්ටරෝල් අවම කරගෙන හානි වූ අක්මා සෛල නැවතවර්ධනය කර ගත හැකිය.
මීට අමතරව කැබැල්ල දලු මාලුව, මැල්ල කොළ මැල්ලුම කොලොස්ට්‍රෝල් අවම කර අක්මාවේ තෙල් අඩු කරයි.
එමෙන්ම මුං ඇට තැම්බූ වතුර සහ මුං ඇට ආහාරයට ගැනීම සුදුසු වේ.
වට්ටක්කා, කෝමාරිකා ව්‍යංජනය මුස්සැන්න ව්‍යංජනය අක්මා රෝගීන්ට ගුණදායකය.
ලුණු, සීනි වැඩි වශයෙන් ආහාරයට නොගත යුතුය.
මේ ආදී වූ ආහාර වර්ග සහ ඖෂධ වර්ග කැඳ වර්ග භාවිතා කිරීම මගින් හා අනිකුත් භාවිතයට නුසුදුසු ආහාර භාවිතා නොකිරීම මගින් අක්මාවේ තැන්පත් මේදය ඉවත් කර ගතහැකිය.
Credit Goes to respective owners

Post a Comment