ඔබත් ඔබේ ආහාරපාන ගැන සැලකිලිමත් වෙන අයෙක්ද ?
අපි හැම වෙලාවකම අපේ ආහාර වේලට එකතු කරගන්න ප්‍රෝටීන් ප්‍රමාණ ගැන එහෙම සැලකිලිමත් වෙනවා නේ. ඒ අතර අපි හැම කෙනෙක්ම පහසුවෙන් ආහාරයට එක්කරගන්නා කෑමක් තමයි බිත්තර කියන්නේ.
ඒත් බිත්තර ආහාරයට එක්කර ගැනීමත් සීමා විය යුතුද? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්. බිත්තර ආහාරයට ගත්තොත්, මේ කියන ලෙඩේ ලේසියෙන්ම වැළඳෙන්න ඉඩ කඩක් තියනවාද.? මේ කියන්න යන්නේ කොලෙස්ටරෝල් ගැන හිතලා ලොකු බයක් හිතේ තියාගෙන ඉන්න ඔයාට විශේෂ වන කතාවක්.
2026 වසරේ ජනවාරි මාසයේ ජපානයේ Kishimoto සහ Sugihara යන පර්යේෂකයන් විසින් සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙන්නේ ඒ ගැන මෙන්න මේ වගේ කතාවක්. බිත්තර පරිභෝජනය අපේ සෞඛ්‍යයට බලපාන විදිහ ගැන (Egg Consumption and Human Health) ඉතා වැදගත් කරුණු කිහිපයක් මෙහිදී අනාවරණය කරගෙන තිබෙනවා. මෙහිදී බිත්තර වල කොලෙස්ටරෝල් බහුල වුණත්, එය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට සෘජුවම බලපාන්නේ නැහැ.

බහුතරයක් දෙනාට සාමාන්‍ය ප්‍රමාණයෙන් බිත්තර ආහාරයට ගැනීමෙන් "අහිතකර LDL" කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමක් සිදුවන්නේ නැහැ
ඒ විතරක් නෙවෙයි, බිත්තර වල Lutein was Zeaxanthin වැනි ශරීරයට ඉතා ඉක්මනින්
අවශෝෂණය වන ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගුයි. නිතර බිත්තර ආහාරයට ගැනීමෙන් ශරීරයේ සෛල විනාශ වීම (Oxidative stress) පාලනය වන අතර, වයස්ගත වීමත් සමඟ ඇස් පෙනීම දුර්වල වීම වළක්වා ගැනීමට විශාල රුකුලක් ලැබෙනවා. නිරෝගී පුද්ගලයෙකු දිනකට එක බිත්තරයක් බැගින් ආහාරයට ගැනීමෙන් හෘදයාබාධ හෝ ආඝාත (Stroke) වැළඳීමේ කිසිදු අමතර අවදානමක් ඇති නොවන බව මෙම අධ්‍යයනය තහවුරු කරනවා.
බිත්තර වල ඇති සෞඛ්‍ය සම්පන්න මේද අම්ල සහ ජෛව ක්‍රියාකාරී පෙප්ටයිඩ (Bioactive peptides) මඟින් හදවතට ආරක්ෂාවක් පවා ලැබෙන්න පුළුවන්. බිත්තර කියන්නේ කොලෙස්ටරෝල් බිය නිසා මඟහැරිය යුතු සතුරෙක් නෙවෙයි. එය උසස් ප්‍රෝටීන්, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක වලින් පිරුණු, ඉතාම ලාභදායී, පෝෂණ ගුණයෙන් ඉහළ ස්වාභාවික ආහාරයක්.
නිවැරදි සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට සහ සමබල ආහාර වේලකට බිත්තර බියෙන් තොරව එකතු කරගන්න පුළුවන්.
2026 ජනවරි මාසයේ පලකල අලුත්ම ඇමරිකානු පෝසන නිර්දේශ වල දක්වන ආකාරයට නම් කිලෝ හැටක මනුස්සයෙකුගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගන්න නම් දිනකට බිත්තර හතරකුත් මස් හෝ මාලු ග්‍රෑම් 150-250 අතර ප්‍රමානයකුත් ආහාරයට ගන්න වෙනවා.
ලංකාවේ පෝෂණ නිර්දේශ වලට අනුව නම් එක්කෙනක් දවසකට කන්න ඕන බිත්තර එකයි.
credit goes to respective owners

Post a Comment