නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු ජනපති රනිල් වික්රමසිංහ පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්රමසිංහ පවසා සිටියේ මෙවැනි අදහසක්.
''අපි අලුත් පක්ෂයක් හදනවා. ඒක කරන්නේ මම නෙමෙයි. මේ කොමිටි එකට භාර දෙනවා. කාල සීමාවක් දෙන්න ඕනි ඒක කරන්න පුළුවන්ද බැරිද බලන්න.
වැඩි වැඩියෙන් අලුත් මූණුත් දාන්න වෙනවා. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අලුත් පක්ෂයක්. 56දිත් අපි හැදුවා. 77 අපි හැදුවා. ආපහු 2001 ඡන්දෙට අපි හැදුවා. ඒ අනුව යන්න තියෙන්නේ.''
.jpg)
Post a Comment