දෙවියන් විශ්වාස කරන සැම දෙනක්ම පාහේ පිංපෙත් පමුණුවන, ප්රාධාන දේවමාතාවක් සේ වන්දනා මාන කරන පත්තිණි මෑණියෝ, විශේෂයෙන් දරුවන්ගේ හා කාන්තාවන්ගේ දුකට පිහිටවන දේව මාතාවක් ලෙස ප්රකටයි.
ශ්‍රී ලංකාව පුරා එතුමියගේ නමින් පත්තිණි දේවාල රාශියක් ඇති නමුදු, ප්‍රධාන පත්තිණි දේවාලය පිහිටා ඇත්තේ කඩුවෙල - නවගමුවේ... හුඟාක් දරු උපත් වලදී , දරුවන් බලාපොරොත්තුවෙන් වගේම ලෙඩදුක් කරදරවලදීත් පත්තිනි මෑණියන්ගේ පිහිට පැතීම ජනතාවගේ සිරිතක්...
ඉතිං අද කතා කරන්න හදන්නේ පත්තිනි මෑණියන්ගෙන් පිහිට හා රැකවරණය ලබා ගන්නා නිවැරදිම ක්‍රම ගැනයි... මේ වටිනා ලිපියෙන් ඒ ගැන බොහෝ තොරතුරු දැනගන්න ලැබේවී...
පත්තිනි මෑණියන් ගේ පිහිට ලබා ගන්නට නම්.
පත්තිනිය කියන්නේ පතිවෘත්තාවයි.
පතිනියක් ලෙස පතිවත ආරක්ෂා කරන පිරිසිදු මනසක්, ක්‍රියා කලාපයක් ඇති, සතර බ්‍රහ්ම විහරණයෙන් ජීවත් වන ඕනෑම කාන්තාවක් පත්තිනියක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
අපේ ජනශ්රැතියේ එන ආකාරයට මල්වර යුවතියන් ට, ගැබිණි මව්වරුන් ට,දරුඵල බලාපොරොත්තු වන කාන්තාවන් ට පත්තිනි මෑණියන්ගේ විශේෂ පිහිට ආශිර්වාදය ඉල්ලා සිටින්නට අතීත මුතුන් මිත්තන් පෙළඹී සිටියේ එනිසා විය හැකියි.
මල්වර යුවතියක් සිය ජීවිතයේ ප්‍රථම වතාවට පඬුරක් වෙන් කරන්නේ මල්වර ස්නානයෙන් අනතුරුවයි.
පත්තිනි මෑණියන්ට කුළුඳුල් යෞවනිය මෙලෙස භාර කිරීම සංකේත්වත් කරමින් දියණුයගේ මව අනෙකුත් රන් ආභරණ ඇයට පැළන්දවීමට පළමුව අමු කහ කැබැල්ලක් සෝදා පවිත්‍ර කර ඇගේ අතේ බැඳීම සිරිතක්.පසුව සුඳු හෝ කහ රෙදි කඩක් මත තැබූ දෙහි ගා පිරිසිදු කරගත් පඬුර මල්වර යුවතියට ලබා දෙනවා.
එය ඈ අතින් ගැටගැසූ පසු මව නිවසේ ඉහළ ස්ථානයක රන්න්දවා තබන්නේ එතැන් සිට තුන් මසක් ගිය තැන පත්තිනි දෙවොලට දියණිය කැටුව පැමිණෙන බවට බාර වෙමිනි.
අනාගතයේ මවක් වන්නට සුදුසුකම් ලද තරුණිය මෙලෙසට පත්තිනි මෑණියන්ට භාර කරන්නේ යුවතියකට ඇතිවිය හැකි තනිකම් දෝෂ ආදිය පත්තිනි අණසක යටතේ අහෝසි වී යන බවට පැවති විශ්වාසය නිසා විය හැකියි.
එමෙන් ම කාන්තාවක් ගැබ්බර වූ පසු තමන් විසින් හෝ සිය මෑණියන් විසින් අලුත පිහිටි දරු ගැබ ආරක්ෂා කරන මෙන් ඉල්ලා පත්තිනි මෑණියන්ට දරුගැබ භාර කරන්නේ ද පඬුරක් වෙන් කරමිනි.
මේ පඬුරේ විශේෂත්වය වන්නේ අනෙක් පඬුරු මෙන් ගැටගැසීමක් හෝ එතීමක් සිදු නොකරන නිසයි. පිරිසිදු පීරිසියක් මත නැවුම් සුදු රෙදි කඩක් තබා එහි බුලත් කොළයක් තබා ඒ මත දෙහි ගා පවිත්‍ර කරගත් පඬුර තැබීමත්, ඒ පඬුර දෙවියන්ට බාර කර දරුවාත් මවත් ආරක්ෂා කරදෙන මෙන් ඉල්ලා නිවසේ ඉහළ තැනකින් තැන්පත් කරයි. විවිධ පළාත් වල මෙම ක්‍රම එකිනෙකට වෙනස් වන නමුත් ඉහත ක්‍රමය ගැබිණි මවක් වෙනුවෙන් බාරයක් විය හැකි සරලම ක්‍රමයක් වශයෙන් හඳුන්වාදිය හැකියි.
බාර ඔප්පු කිරිඑමේ දී බොහෝ විට දරුවා බිහි වි තුන් මසක් ගත වූ තැන නවගමුවට හෝ වෙනත් පත්තිනි දෙවොලකට ගොස් බාර පඬුරු නිදහස් කිරිම ද , නැතහොත් නිවසේ කිරි අම්මා දානයක් ලබා දී පත්තිනි මෑණියන් ට කෘතවේදීත්වය පිරිනැමීම ද සුලභව සිදු කෙරේ.දරුඵල අපේක්ෂාවෙන් බාර හාර වන විට නවගමුව දේවාලයේ පඬුරක් වෙන් කර දරු ගැබ පිහිටා තුන් මසක් ගිය තැන දේවාලයට පැමිණ අදාල බාර ඔප්පු දී දරුවා ආරක්ෂා කරන මෙන් නැවතත් පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටියි.
මෙලෙස පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ඉල්ලා සිටිය හැක්කේ ද , පිහිට ලබෙන්නේ ද යහපත් කල්ක්‍රියාවෙන් ජීවත් වන පුද්ගලයන්ට පමණක් බව ද දන්නා පිරිස සීමිත විය හැකියි.
ගුණධර්ම වලින් ඈත්ව ජීවත් වන මනුශ්‍යයන් පත්තිනි දෙවඟනගේ අප්‍රසාදයට ලක් වන අතර කාන්තාවකට නුසුදුසු ආකාරයේ හැසිරීම් රටා ඇති කතුන්ට ද පත්තිනි පිහිට ලැබීම අසීරු බව පුරාණ විශ්වාසයකි.
විශේශයෙන් ම මවක සතු විය යුතු මෛත්‍රීය , කරුණාව, මුදිතාව හෙවත් අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා නොකිරීම , උපේක්ෂාව ආදී සිව්බඹ විහරණ සහිත මෘදු ගුණැය ප්‍රකට කරවන, ගුණධර්ම වලින් පරිපූර්ණ ස්ත්‍රියට පත්තිනි මෑණියන්ගේ කරුණාව ,පිහිට ,ආරක්ෂාව නිසඟයෙන් ම ලැබෙන බව පැරැන්නනන් අතර ප්‍රකට විශ්වාසයකි.
ඒ නිසා ඔබට පත්තිනි මෑනියන්ගේ නිවැරැදි පිහිට ආරක්ෂාව අවශ්‍ය නම් ඔබ ප්‍රථමයෙන්ම ගුණවත් මිනිසෙකු වීම අනිවාර්ය දෙයක් බව ඔබ තේරුම් ගන්න ඕනෑ.
සියලු සැප සම්පත් වලින් ආඪ්‍ය වූ තුසිත භවනේ වැඩ සිටින මෙම මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා මනුලොව මිනිසුන් ලබා දෙන පළතුරු පූජා හෝ පිළිම වන්දනාවන් වලට වඩා වැඩි වටිනාකමක් ලබාදෙන්නේ මිනිසුන් යහපත් ලෙස ධර්ම චර්යාවේ යෙදී , බණ භාවනා දී ප්‍රතිපත්ති පූජාවන් කිරීමෙන් පසු අනුමෝදන් කරන පිං පෙත් වලට ය.
විශේෂයෙන් ම බුදුන් සරණ ගොස් සිටින පත්ටිනි මෑණියන් වහන්සේ වඩා ත් ප්‍රිය කරන්නේ දෙවොල් මඩු පහන් මඩු ආදී යාග හෝමයන් නොව නිර්මල බුදු දහම ශ්‍රවණය කිරීමට සලස්වන ධර්ම මණ්ඩපයන් ය.එවන් ස්ථාන වලට මෙම සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම නිරායාසයෙන් ලැබෙන අතර, එයින් මිනිසුන් ලබාදෙන පින් පෙත් මෙම දෙවිවරුන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය කිරීමේ ලා මහෝපකාරී වන බව ද සම්බුද්ධ දේශනාවේ සඳහන් වනවා.
බොහෝ මිල මුදල් වියදම් කර කොපමණ සුවඳ ,පළතුරු සළුපිලි අප පූජා කළ ද දෙව්ලොව වැඩවසන දෙවි දේවතාවුන් වහන්සේලා වින්දින සැප සම්පත් හා සැසඳීමේ දී ඒව ඉතා අල්ප වටිනාකම් වලින් යුතු බව සබුද්ධික ව පිළිගත යුතු ය.
එහෙත් වචනයකින් , ක්‍රියාවකින් හෝ සිතුවිල්ලකින් වත් අනුන් නොතළා නොපෙළා , කරුණාවෙන් යුතුව ප්රතිපත්තියක පිහිටා , පිරිසිදු කල්ක්‍රියාවෙන් යුතුව ජීවත් වන මිනිසුන් හෝ කාන්තාවන් දෙවියන් ට අනුමෝදන් කරන පින් පෙත් ,මෙම මහේශාඛ්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා ට අමිල වටිනාකමක්
බවත් ඒලෙස පින් ලබ අදෙන පුද්ගලයන් වෙත නොමඳ ආශිර්වාදයක් පත්තිනි මෑණියන් ලබා දෙන බව ඔබ අවබෝධ කර ගත යුතුම කරුණක්.
ඒ නිසා හැකිතාක් ප්‍රතිපත්ති මත පිහිටා ගුණවන්ත මිනිසුන් ලෙස පත්තිනි මෑණියන්ගෙන් පිටක් ඇයැදීම වඩාත් නිවැරැදිම ,පහසුම සහ හොඳම ක්‍රමය වශයෙන් විවාදයකින් තොරව පිළිගත හැකි යථාර්තයයකි.
Post a Comment