යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට (19) දිනයේ පැවැත්වෙන ජාතික රණවිරු දින සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වීමට තීරණය කර තිබෙනවා රණවිරු සේවා අධිකාරියේ සභාපති,
විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන අද (18) මාධ්‍ය වෙතඅදහස් දක්වමින් මේ බව සඳහන් කළා
කෙසේ වෙතත් මීට පෙර රජය පැවසුවේ මෙවර ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පවත්වන බවයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී හෙට (19) පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.
.jpg)
Post a Comment