රම්බෝඩ ගැරඩිඇල්ලේ අනතුරක් සමග ගිය සතියේ රටේ ලොකුම මාකොට වුණේ දුරගමන් සේවා වාසය ගැනය. දුරගමන් සේවා බස් ගැන කතා කරනවිට අපේ මතකයට ආවේ දශක දෙක තුනකට ඉහත දී රටේ පැවැති තත්ත්වයය. එකල කොයි පළාතකට ගියක් රට්ටුන්ට යන්නට වුණේ කොළඹ නගරෙය හරහාය. කතරගම සිට නුවර එළියට යන්නට වුවමනා නම් කොළඹ දක්වා බසයෙන් පැමිණ එතැනින් නුවර එළිය බසයට ගොඩවෙන්නට ඕනෑය. ඒත් පසු කලෙක රට හරහා දුරගමන් සේවා බස් ධාවනය ආරම්භ වූ හෙයින් රට්ටුන්ට ගමන් බිමන් යෑම අසීරු නොවිය. මේ ඇතැම බස් පොල් රුප්පාවෙන් සිය ගමන ආරම්භ කර ගමන අඟවර කළේ තල් රුප්පාවෙහි. තවත් ඒවා වියළි කලාපයේ කටු පඳුරු ලඳු කැලෑ මැදින් ගමන ආරම්භ කර පරුසාර කෙත්වතු, ගංගා ඇළ දොළ පසු කරගෙන කන්ද උඩරටින් ගමන අහවර කළේය.
කතරගම සිට යාපනය, කුරුණෑගල දක්වාත් තංගල්ලේ සිට යාපනය, කිරිකුණාමලය, මීගමුව, මුලතිටි මෙන්ම ගාල්ලේ සිට අම්පාර, මඩකලපුව, නුවර එළිය දක්වා දුරගමන් සේවා බස් ධාවනය කෙරුණේය. තවත් ඒවා මාතර සිට කල්මුණේ, බණ්ඩාරවෙල, රත්නපුර, බදුල්ල, ගම්පහ, අනුරාධපුරය සහ පොළොන්නරුව දක්වා ධාවනය කෙරුණේය. මෙවැනි බස් බොහෝමයක් ගමන් අරඹන්නට බලපෑ හේතු කාරණා කිහිපයක් තිබුණේය. රජයේ රස්සා කරන උදවියගේ ස්ථාන මාරුවීම එයට බලපෑ එක් කාරණාවකි. ඒ හැරුණු කොට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්, ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම ප්‍රධාන පෙළේ රෝහල් පිහිටි නගර කරා බොහෝමයක් බස් රථ ධාවනය කෙරුණේය.
මහරගම අපේක්ෂා රෝහලට යන රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ සුව පහසුව වෙනුවෙන් කලකට පෙර ලංගම බස් යෙදවීය. ගහට ගහක් මොරටුවේ දී හමුවන්නා සේ කොළඹ බැස්වියන් මාවතේ පිහිටි බස් නැවතුම් පොළ හැරුණු කොට රටේ සිවු දෙසින් ඇදෙන බොහෝමයක් බස් එකිනෙක හමුවන ගමනාන්තය වන්නේ මහරගමය. වැලිමඩ, පුත්තලම, කුරුණෑගල, ආණමඩුව, මන්නාරම්, පොළොන්නරුව, මහියංගනය, මාතර ආදී බොහෝ නගරවල සිට අපේක්ෂා රෝහල දක්වා බස් රථ ධාවනය කරන්නේය. ඒත් පෞද්ගලික බස් රථ වල ආරෝවෙන් ඉස්සර තරමට දැන් අපේක්ෂා රෝහලට බස් ධාවනය වෙන්නේ නැති.
මහරගම සම්හාන්තය දක්වා එන බස්වලින් රැගෙන යන්නේ අපේක්ෂා රෝහලට එන මගින් පමණක් නොවේ. නිමි ඇඳුම් හා රෙදිපිළි වලට ප්‍රසිද්ධ පමුණුවේ රෙදිකඩ වලින් දුර බැහැර ගම පළාත් වලට රෙදි ගෝනි පිටින් බස් වලට පටවාගෙන රැගෙන යන්නේය. මහරගම නෑවිත් රෙදි තොග ගමට ගෙන්වා ගන්නට රෙදි වෙළෙන්දන්ට පුළුවන. මහරගම හැරුණු කොට කතරගම, බණ්ඩාරවෙල සහ ඇඹිලිපිටියේ සිට ගාල්ල කරාපිටිය දක්වා දුරගමන් සේවා බස් ධාවනය කෙරෙන්නේය. ඒ කරාපිටිය ශික්ෂණ රෝහල දක්වා එන රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ පහසුවටය. පමුණුවේ රෙදි පිළි ප්‍රවාහනය කරන්නාක් මෙන් රටේ ඒ ඒ පළාත්වල ජනපද අතර භාණ්ඩ හුවමාරු කරන්නට එදා මෙන්ම අදක් දුරගමන් සේවා බස් යොදා ගන්නේය. වැලිමඩ, බණ්ඩාර වෙල වගා කෙරෙන එළවළු රටපුරා ප්‍රවාහනය කරන්නට ඇතැමුන් භාවිත කරන්නේ දුරගමන් සේවා බසය
නුවර එළියේ සිට ගාල්ල දක්වා යන බස්වල දශක ගණනාවක සිට අමුතුම ආකාරයේ එළවළු ව්‍යාපාරයක් කරගෙන ගියේය. මගින් ප්‍රවාහනය කරනවාට අමතරව මේවායේ එළවළු බෑග් ප්‍රවාහනය කරන්නේය. මේ බස්වල යන මගින්ට අමුතුවෙන් පොළට ගොස් එළවඑ මිලදී ගන්නට වුව මනා හැක. නුවරඑළියෙන් පිටත් වෙද්දී වර්ග පහතින් යුතු එළවළු බැග් පනහක් පමණ බසයෙන් රැගෙන පැමිණ එන්නේය. ඒවා අතරමගදී මගීන්ට අලෙවි කර යහමින් අතට ගාණක් උපයා ගන්නට පුළුවන. මගින් කියන්නේ මේ ව්‍යාපාරය බසයේ කොන්දොස්තර පහ රියැදුරු යන දෙදෙනා විසින් කරන බවය. ඔවුන් එක් එළවළු බෑගයක් අලෙවි කෙරෙන්නේ රුපියල් තුන්සියයක් පමණ මිලකටය. දින දෙක තුනකට සැරයක් බස්වලින් එළවළු මිල දී ගන්නට ද මේවායේ යන පිගීහු පිරිසක් පුරුදු වී සිටින්නෝය.
අම්පාරේ සිට ගාල්ල දක්වා ධාවනය කෙරෙන බස්වලින් ද මෙවැනිම වූ ආකාරයට භාණ්ඩ ප්‍රවාහනය කරන්නේය. ඒවායේ රැගෙන යන්නේ එළවළු නොවේ. එ කිරීය. අම්පාරේ කිරි ගොවින්ගෙන් තොග මිලට මිලදී ගන්නා කිරි හට්ටි අමයාරේ සිට ගාල්ල දක්වා යන අතරමග දී වෙළෙඳ සල් වලට දමාගෙන යන්නේය. තතු දත්තෝ කියන්නේ බොහෝවිට මේ රාජකාරිය කරන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් බවය. ගාල්ල දක්වා යන ගමනේ දී දික්වැල්ල, ගන්දර, මාතර, මිරිස්වත්ත, වැලිගම ආදී නගරවල වෙළෙඳසල් වලට බසයෙන් මිකිරි මිල දී ගත හැකි වන්නේය. අම්පාරේ සිට ගාල්ලට බසයෙන් කිරි පටවාගෙන යද්දී මඩකලපුවෙන් ගමන් අරඹන බස් මඩකලපුවේ මීකිරි කොළඹට රැගෙන එන්නේය. නුවර එළියේ වගා කෙරෙන වල් ව්‍යාපාරිකයෝ සිය මල් නිෂ්පාදන කොළඹට ප්‍රවාහනය කරන්නේ ද දුරඟමින් සේවා බස්වලිනි. පාන්දර ජාමයේ නුවර එළියෙන් ගමන් අරඔන බසයට හොඳින් ඇසිරු මල් පෙට්ටි දුන්විට එළිය වැටුණු පසු ඒවා කොළඹින් බා ගන්නට වෙළෙන්දන්ට පුළුවන.
හැන්දෑවේ හයයි තිහට තිරිකුණාමලය ගමනාන්තය බලා කංගල්ලෙන් ගමන් අරඹන වලේ බස් රියේ ද භාණ්ඩ රැගෙන ගියත් ඒවා රැගෙන යන්නේ අලෙවි කරන්නට නොවේ. ධීවරයන්ගේ අඩුම කුඩුමය. මේ බස් රිය කොළසිට ළඟා වෙන්නේ මැදියම් රැය උදා වෙන්නට අඩ හෝරාවක් තිබියදීය. එතැනින් රියැදුරු මාරු වී කිරිකුණාමලය දක්වා ගමන් අරඹන්නේය. රියැදුරු මාරු වෙන්නේ ගමනාන්තය දක්වා බසය ගමන් කළ යුතු දුර වැඩි නිසාය. අමතරව යන රියැදුරාට වෙනම් ආසනයක් මේ බසයේ වෙන්කර ඇත්තේය. "වලේ" බස් රියට වැඩීම ඉල්ලුම ඇත්තේ ධීවරයන්ගෙන්ය. ඊට බලපෑ සුවිශේෂී කාරණයක් ඇත්තේය. තංගල්ලෙන් හෝ කුඩා වැල්ලෙන් මුදු ගිය ධීවරයන් කිරිකුණාමලය වරායට ගොඩ බැස සිටින්නේ නම් ඔවුන්ට යළි මුදු යන්නට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යන්නේ මේ බසයෙන්ය. තංගල්ලේ ධීවරයන් තිරිකුණාමලයෙන් යළි මුදු ගමන ඇරැඹුවත් ඔවුන් මුදු රස්සාවට යන විට රැගෙන යන කෑම බිම ආදි සියල්ල වල දී ගන්නේ නංගල්ලේ සිටින ඥාති ධීවරයන්ය. ඒ වෙනුවෙන් "මලේ " බසයේ ගමන්වලු බහාලන කොටස ගබඩාව කල්තියා වෙන් කරගන්නට වුවමනාය. එක් ගමනකදී රුපියල් හයදහසක මුදලක් ඒ වෙනුවෙන් ගෙවන්නට වෙන්නේය.
ලංකා සිතියමේ පහළින්ම පිහිටි නගරය වන තංගල්ලේ සිට රටේ එහා කෙළවර දක්වා ධාවනය කෙරෙන බස් ඇත්තේ "මලේ බස්රිය පමණක් නොවේ. ඉහළම කෙළවරේ පිහිටි යාපනය නගරය දක්වා ද දුරගමන් සේවා බස් ධාවනය කරන්නේය. හැන්දෑවේ පහට ගමන් අරඹන sê බසයේ යන්නට පුරුදු වී සිටින්නේ ආරක්ෂක සේවයේ රාජකාරී කරන ඇත්තන්ය. පසුදින උදේ නවයට ගමනාන්තයට ළඟා වන එහි රියැදුරන් දෙදෙනෙකු ගමන් කරන්නේ ධාවනය කරන්නට ඇති දුර ප්‍රමාණය වැඩි නිසාය.
රම්බොඩ, ගැරඩි ඇල්ලෙන් අනතුරට ලක් වූ කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය කළ බසය ගැන කතා කරද්දී රට වූ මතු කළේ මේ දුර ගැටලුවය. හරිනම් අපේ රටේ නීතියේ හැටියට පැය හතර හමාරකට වැඩි අඛණ්ඩ කාල සීමාවක ධාවනය කරන රියැදුරකුට විවේක කාලයක් දීම අත්‍යවශ්‍යය. මේ බව 1981 අංක 21 දරන මෝටර් වාහන (සංශෝධන) පනතේ දක්වා ඇත්තේය. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණ ගලගෙන් මේ සම්බන්ධයෙන් විමසූ කල ඔහු ද මේ බව තහවුරු කළේය. දවසේ වැඩි කාලයක් ගෙවාගෙන කිලෝමීටර සිය ගණනක් දුර දුවන දුරගමන් සේවා බස් ගැන බලධාරීන්ගේ අවධානය යොමු වුණේ හැරවී ඇල්ලේ දී ලංගම බසය පාරෙන් පිට පැන්න පසුවය. ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න දෙතුන් දවසකට ඉහත දී කීවේ ගමන් වාරය පැය හයකට වැඩි නම් ගමන අවසන් කරන්නට බස් දෙකක් යෙදවීමට සැලසුම් කරන බවය.
හැරඩි ඇල්ලේ දී ප්‍රපාතයට පෙරළි ගිය බසය ගැන කතා කළ රට්ටු කීවේ කිලෝමීටර තුන්සියකට ආසන්න දුරක් එක් රියැදුරෙකු පමණක් පදවා ගෙන යාම අසීරු බවය. කතරගම පිට කුරුණෑගල දක්වා මේ බසය ධාවනය කරන්නේ රාත්‍රී කාලයේදීය. එය ගමනාන්තයට ළඟා වෙන්නේ එළිය වැටුණු පසුවය. යළි එය කුරුණෑගලින් ගමන් ආරම්භ කරන්නේ ද රාත්‍රී 7.30ට ය. බොහෝ විට මේ සයේ යන්නේ පුරුදු ඇත්තන්ය. එක්කෝ ඒ සරසව් සිසුන්ය. පේරාදෙණිය, කොළඹි, කැලණිය, ජයවර්ධනපුර, වයඹ ආදි බොහෝ සරසවි සිසුන් මෙ බසයෙන් යන්නට පුරුදු වී සිටින්නේ එළිය වැටීගෙන එන ජාමයට ගමනාන්තයට යාහැකි වීම නිසාය. කොළඹ දෙසට එන සිසුහු පේරාදෙණියෙන් බැස කොළඹ දක්වා යන බසයකට ගොඩවන්නෝය. කොළයි රස්සාවට එන සමහර නෝනා මහත්තුරු දිනපතා මේ බසයේ ගමන් කරන්නට පුරුදු වී සිටියෝය.
දුර බැහැර ගම් පළාත්වල සිට කොළඹ රස්සාවට එන නෝනා මහතුරු වෙනුවෙන් මහරෑ යාමයේ දුරගමන් සේවා බස් වාර බොහෝමයක් කලකට ඉහත දී ඇරැඹුණේය. අනුරාධපුරය, පොළොන්නරුව, නුවර එළිය ආදි දුර බැහැර සිට කොළඹ එන බස් බොහෝමයක් ගමන් අරඹින්නේ මැදියම් රැය පසු වූ විගසය. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකෙරෙන්නට පෙර කතරගම, හම්බන්තොට, තංගල්ල, මාතර ආදී ප්‍රදේශ බොහෝමයක ජතාව ද කොළඹ එන්නට පිටත් වුණේ මැදියම් රැයේය. එළිය වැටීගෙන එනවිට ඔවුන්ට ගෙන්දගම් පොළො පය ගසන්නට පුළුවන. ඒත් අධිවේගී මාර්ගය හා දුම්රිය මාර්ගය බෙලිඅත්තට දීර්ඝ කළ පසු දුරගමින් සේවා බස්වල කොළඹ ගියේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසකි. ඊට අනුලෝමව සාමාන්‍ය ගමන් මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථ ප්‍රමාණය ද අඩු වුණේය.
එතෙක් අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන බස් ගණන එන්න එන්නම වැඩිවුණේය. සාමාන්‍ය වර්ගයේ යනවාට වඩා අධිවේගයේ යන විට රියැදුරන් මෙන්ම මගින් ද නිති රීති රැසක් පිළිපැදිය යුතු වන්නේය. සාමාන්‍ය මාර්ගයේ දී අවශ්‍ය නැති වුණ ද අධිවේගී මාර්ගයේ යන්නේ නම් බස්වල යන මගින් පවා ආසන පටි පැලඳීම අත්‍යවශ්‍යය. ඊට හේතුව පැයට කිලෝමීටර සියක උපරිම වේගයකින් අධිවේගයේ බස් ධාවනය කෙරෙන නිසාය උපරිම වේග සීමාව පැයට කිලෝමීටර සිය වුණ ද ඒ සීමාව සහා ධාවනය කරන බස් ද නැතුවාම නොවේ. කෙසේ නමුදු මේ තරම් වේගයෙන් ධාවනය වන බසයක් යම් හෙයකින් අනතුරට ලක්වුව හොත් මගින්ට වන හානිය වැළැක්වීම ආසන පටි පැලඳිවීමෙ අරමුණය. අධිවෙහි මාර්ගය ඇරැඹුණු කාලයේ මේ නිති සියල්ලම නිතටම ක්‍රියාත්මක වුණේය. එහෙත් දැන් ආසන පටි පලඳින මගියකු දක්නට නැත්තේය. අධිවේගයට ඇතුළු වන සහ පිටවන ස්ථානයේ රථවාහක පොලිස් නිලධාරින් සිටියත් ඔවුන්ට ද මේවා පෙනෙන්නේ නැති
කෙසේ නමුදු යටෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පෙන්වා දෙන්නේ අධිවේගී මාර්ග නීති කිසිවක් වෙනස් වී නැති බවය. ආසන පටි පැලඳීමේ නීතිය පවා තවමත් ක්‍රියාත්මක බවත් ඇතැම් අවස්ථාහිදී පොලිස් නිලධාරීන් මේවා පරීක්ෂා කරන බව ද ඔහු කියන්නේය. ඔහු එසේ කීවද අධිවේගයේ ධාවනය වන ඇතැම් බස්වල ආසන ගණන ඉක්මවා මගින් ප්‍රවාහනය කරන්නේය. ආසන නොමැති මගිහු බස් රථය තුළ බිම හිඳගෙන යති. තවත් පිරිසක් සිටගෙන යති. දක්ෂිණ අධිවේගි මාර්ගයේ පමණක් නොව හලාවත, පුත්තලම සිට කොළඹ දක්වා අධිවේගි මාර්ගය හරහා ධාවනය කරන ඇතැම් සුඛෝපබෝගි ප් අනුගමනය කරන්නේද මේ පිළිෂමය. සුඛෝපබෝගී බස් රථවල ද ආසන ගණනට මගින් නග්ගවා ගතයුතු වුවත් බසයේ මැද පිහිටි " ජම්පින් " සිටි නවා මගින් පිරිසක් සිටගෙන රැගෙන යති. එලෙසින්ම ඒවා අධිවේගී මාර්ගයේ ද ධාවනය කරයි.
එමතු නොව දීර්ඝ සතිඅන්ත නිවාඩු වල දී අධිවේගී මාර්ගයේ ධාවනය නොකරන සාමාන්‍ය බස් පවා අධිවේගී මාර්ගයේ මගින් රැගෙන යන්නේය. අධිට්ඨෙහි මාර්ගයේ ගමන් ගාස්තුවට වඩා අඩු ගාස්තුවක් ඒවායෙන් අය කරන්නේය. ප්‍රධාන බස් නැවතුම් පොළින් මගින් නග්ගවා ගන්නා මේ බස් රථ කිසිවෙකුට පෙනෙන්නේ ද නැත. අධිවේගී මාර්ගයක ධාවනය කරන්නට තරම් සුදුසු තත්ත්වයේ තිබෙන්නේ දැයි කියන්නට ඒවාට ගොඩවන මගින්වත් දන්නේ නැත. එහෙත් මේවා අහන දකින මගින් කියන්නේ ඊළහ මහා අනතුර අධිවේගී මාර්ගයක දී විය හැකි බවය. කෙසේ නමුදු රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණවල පවසන්නේ ආසන ගණන ඉක්මවා අධිවේගී මාර්ගයේ මගින් රැගෙන යාම නීති විරෝධී කටයුත්තක් බවය.
"අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ වලට ආසන ගණනට පමණයි මගින් රැගෙන යන්න පුළුවන්. නීති උල්ලංඝනය කරන බස් ගැන තොරතුරු දෙනවා නම් අපි අත් අඩංගුවට ගැනීම කරනවා. මහජනතාව මේ ගැන සැලකිලිමත් වෙන්න සිනෑ. අපි කොච්චර කිව්වත් සමහරු ගොඩක් වෙලාවට නොසැලකිලිමත් විදියටයි වැඩ කරන්නේ. නෝමල් බස්වලට හයිවේ යන්න අවසර නැහැ. රුචි එක නැතුව කොහොමින් යන්න බැහැ. හිතු හිතු ගණන් වලට ටිකට් කඩන්නත් බැහැ. එය නීති විරෝධී වැඩක්."
වන්දනාවේ යන ඇත්තන් වෙනුවෙන් ද දුරගමන් සේවා බස් ධාවනය කෙරෙන්නේය.
අනුරාධපුරය, පොළොන්නරුව සහ කතරගම ආදී පූජා නගර කේන්ද්‍ර කරගෙන බොහෝමයක් දුරගමන් සේවා බස් ධාවනය වන්නේය.
කෙසේ නමුදු දුරගමන් සේවා බස්රථවල රියැදුරන් අධික වේගයෙන් නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීම බොහෝමයක් ක්‍රිය අනතුරු වලට හේතුවක් බව කලක පටන් පොලිසිය කියන කතාවය. පමණ ඉක්මවා මගින් රැගෙන යාවිද දුරගමන් සේවා බිස්රථ අනතුරට ලක්වීමට තවත් එක් හේතුවක්ය. බස් රථ ප්‍රමාණය වැඩි කළ යුතු බව මගින් තමන්ගේ සැත්තෙන් කියන කතාවය.
රාත්‍රී කාලයේ දුරගමන් සේවා බස් රියැදුරන් හෙරොයින්, ගංජා සහ අසි වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන බවට මගින් කරන අනෙක් චෝදනාවය. බීමතින් රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගන්නට පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කළත් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියැදුරන් එසැණින් හඳුනාගන්නට තවමත් අපේ රටේ ක්‍රමයක් නැත්තේය. මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් හඳුනාගන්නට අධිකරණ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ යුතු වන්නේය. එහෙත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පැවැසූයේ මෙවන් රියැදුරන් හඳුනා ගැනීමේ කවිවල මාස දෙකක් ඇතුළත ගෙන්වීමට පොලිස්පතිවරයා සූදානම් වන බවයි.
රාත්‍රී කාලයේ ධාවනය කෙරෙන දුරගමන් සේවා බස් රථ පරීක්ෂා කර නීති කඩන රියැදුරන් අල්ලන මෙහෙයුමක් ද වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් අනුව දින දෙක තුනකට ඉහතදී ආරහ වුණේය. පොලිසියේ සූදානම් රිය අනතුරු බහුල ස්ථාන හඳුනාගෙන ඒ ස්ථාන වලට පොලිස් කණ්ඩායම් යොදවා බස් පරීක්ෂා කරන්නටය. යතුරු පැදි සංචාර ඒකක වල නිලධාරීන්ටත් දැන් බස් පසුපස හඹා යන්නට වී ඇත්තේය.

Post a Comment