විදුලි බිල වැඩි වුහහොත් ඊට සාපේක්ෂව ජල බිලද සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
විදුලි බිල වැඩි වුවහොත් සංශෝධනය සිදුවන ආකාරය අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකොට ඊට අනුමැතියද ලබා ගැනීම සිදුවන බවයි ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර,
මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම හෙට ආරම්භ වනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කළේ, එය ලබන මස 03 වනදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි සිදුවන බවයි.
ජූනි මස පළමුවැනිදා සිට විදුලි ගාස්තු සියයට 18.3කින් ඉහළ නැංවීමට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට පසුගියදා යොමු කර තිබුණා.
Post a Comment