දෙරණ නාලිකාවේ 360 වැඩසටහන ඔස්සේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ඒ සුන්දර නිවේදිකාවන් නම් දිල්කා සමන්මලී.
දිල්කා ගැන කතා කරද්දි කාටත් කලින්ම මතක් වෙන්නේ කළු දිග කන්නාඩි දාගෙන රූපවාහිනී තිරය ඉදිරියට එන ඇයගේ රවුම් මුහුණ.
ඉතින් දිල්කා මේ වෙනකොට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇය දෙරණට සමු දීලා තමයි ඕස්ට්‍රේලියාවට ගියේ.
දිල්කා මුහුණුපොතට එකතු කරපු සටහනක් නිසා සමාජමාධ්‍ය කැලඹිලා තියෙනවා.
ඇය එහිදී දෙරණ නාලිකාවට චෝදනාවක් එල්ල කරනවා.
ඇය මුහුණු පොතේ පළ කළ සටහන පහතින්,
සමාවෙන්න.මගේ ආදරණීය දෙරණ…..
වසර දහ අටක් හැදුනු වැඩුණු තැන.මනුෂ්‍යත්වයේ ජීව ගුණයෙන් වසර ගණනාවක් තිස්සේ මහන්සියෙන් ගොඩනගපු අද දෙරණ සන්නාමය …
මේ වීඩියෝව ගැන මට නිහඬ වෙන්න බෑ.
ඒ නිසා සමාවෙන්න…..
මම දන්නව අදටත් දෙරණ සමඟ ගමට යන අපේ ආදරණීය දෙරණ නියෝජිතයින්ට ගමේ මිනිස්සු කතා කරන්නේ දෙරණෙ මිනිස්සු කියල නෙමෙයි මනුසත් දෙරණෙ අය කියලා.
ඒ අපි දෙරණ ගොඩනැගුවේම උතුම් වූ මනුෂ්‍යත්වය මූල් තැන තියාගෙන නිසා.කව්රු කොහොම මොනව කිව්වත් දෙරණට මිනිස්සුන්ගෙ ඇති ආදරය මඩවලින් වහන්න බෑ.හැබැයි එහෙමයි කියල තමංට ඕන හැමදේම කරන්නත් බැරි බව මතක තබා ගත යුතුයි.
අපරාධ කරුවන් අතින් ඝාතනයට ලක්වූ පුද්ගලයෙක් ,දේශපාලනික මිනිසෙක්,ඉලක්ක ගත මිනිසෙක් එහෙව් මිනිහෙක්ගෙ දරුවන් කියන්නෙත් සමාජයේ විවිධාකාරයෙන් ඉලක්ක වෙන්න පුලුවන් මිනිස්සු.
සනත් නිශාන්ත මිය ගිය මොහොතේ ඒ දරුවා තාත්තා වෙනුවෙන් හෙලපු කඳුලු,මාධ්‍ය මගින් ආවරණය කරනකොටත් මගේ හැඟීම් මම ලිව්වා.අදත් ඒ වගේම වේදනාවක් හිතට එන්නෙ මමත් දරුවො 3 දෙනෙක් ගෙ අම්මෙක් හින්දා.
කාගෙ දරුවන් උනත් දරුවන් ..
කාගෙ උනත් දරුවන් සම්බන්ධ ව මොන පුවතක් මොන මොහොතක අනාවරණය කලත් ඒක පරිස්සම් සහගත අණාවරනයක් විය යුතුයි.මේ රූපරාමු මේ විදියට ප්‍රචාරය කරන්න ගත්ත තීරණය කව්රු ගත්ත තීරණයක් ද මම දන්නෙ නෑ.ඒත් මේ දෙරණ පවුල තුල අපි පුහුණු කල සම්ප්රදාය නිවෙයි.අපි පුහුණුකල ජීව ගුණය මේක ඇතුලෙ නෑ.
මම වසර දහ අටක් හඳුනන ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරන කිසිවෙක් මෙවන් පුවත් සඳහා, මෙවන් රූපරාමු සඳහා අනුබලදී නැහැ.
එහේව් දෙරණ මෙහෙව් පුවතක් මේ විදියට ප්‍රචාරය කලේ ඇයි?රූප රාමු ප්‍රචාරය අවශ්‍යම නම් මේ පුංචි එකාගෙ මුහුණ(සහෝදරියන්ගෙ මුහුණුද ඇතුලුව) අවරණය කරන්නට හෝ අවම සධාචාරය සුරැකීමයි මනුස්ස කම.මේක ඩෑන් සම්බන්ධව ලිව්වට දරුවන් සම්බන්ධ සෑම පුවතකටම අදාලයි.
දෙරණ හදපු ,ගොඩනගපු ප්රාග්ධනය යොදවපු මිනිස්සු හැමදාම අපිට කිව්වෙ මනුශ්‍යත්වය පැත්තේ හිට ගන්න කියල.දෙරණ අයිතිකරුගේ පටන් ඉහළ කළමනාකාරීත්වය රැකියාවෙදි අපිට පූර්ණ නිදහස ලබා දුන්නේ ඒක වල්බූරු විදිහට පාවිච්චි කරන්න නෙමෙයි කියන එකයි මගේ හැගීම.අදටත් මා ඔවුන්ට ගරු කරන්නෙ ඒ ලබාදුන් නිදහස බුක්තිවිඳපු අයෙක් විදියට.(දේශපාලන මින්සෙක් වූ දිලිත් ජයවීර මහතාට විශේෂ ගෞරවය ක් හිමිවන්නේම ඔහු අපිට දුන් අසීමිත නිදහස නිසාමයි.එහෙන හුරුවක් නැති ලංකාවෙ මාධ්‍ය එක්ක ,ඒ නිදහස ගැන සමාජයට අවබෝධ කරවීම අපහසු උවත් දෙරණ ඇතුලෙ දවසක් හෝ වැඩ කරපු කෙනෙක් ඉන්නව නම් ඒ අය සාක්ශි.)
ප්රවෘත්ති අංශයේ ඉන්න මාධ්‍යවේදීන් තමන්ගේ ඒකමතික තීරණ අනුව සිදුකළ ප්රවෘත්ති ආවරණයන්ට අදටත් උත්තර බඳින සිද්ධ වෙලා තියෙන්නේ ඉහළ කළමනාකාරීත්වයට , හිමිකරුවන්ට.නමුත් මේ ජීව ගුණය ගිලිහී යාම ගැන ප්රවෘත්ති අංශයේ මගේ සහෝදරයන් වගකිව යුතුයි.වග විය යුතුයි.මම දෙරණෙන් සමුගත් සමාජිකාවක් උනත් දෙරණ කියන්නෙ අදටත් මට දැනෙන තැනක්.දරුවො කියන්නෙ මට දැනෙන විශයක්.ඒ නිසාම මේ අදහස ලිව්වට එය භාර ගැනීම හෝ නොගැනීම ඔබේ අයිතියක්.සමාවෙන්න ආදරණීය දෙරණ..
වෙනස් වෙන ලොකයේ එදා තිබුනු දේ අද නැ අද තියෙන එක හෙට නැ එය සැම විෂයකට පොදුය දැනට වසර ගණනාවකට පෙර රුපවාහිනියේ විකාශයනය කෙරුවේ එක් නාට්‍යක් පමණි එය නමින් ,"කොපි කඩේ" මිනිසුන්ට ආදර්ශමත් දෙයක් හැරේන වෙනත් දෙයක් එහි අන්තර්ගත නොවුනේ එදි තිබු මිනිස් මානසික මට්ටම තරමය. අද වන විට එවැනි නාට්‍ය රුපවාහිනය තුලින් නරඹා මිනිසුන් ගත් කෙන්ගෙඩියක් නැහැ , ලංකාව පිරිහිමේ ඉලම තැනක සිටින රටක් වෙමින් පවති තැන තැන වෙඩි තබති. අනාගතය කොයි වගේ වෙයිද කියලා හිතන්නත් අමාරුයි . මිනිස් ක්‍රියා කාර කම් සියල්ලම පෙන්වන මට්ටමකට ලොකය තල්ලු වේවි. ලොකයත් පැරිණි දේ විසිකරයි අළුත් දේ ලංකර ගනි එය මොන වගේ එකක් වෙයිද කියලා තිරණය කරන්නේ තම මනසින්ය . ඒ දේ හරි හො වැරදි විදියට දකින මිනිස් කොටස් ඇති වේවි. නමුත් ලොකය තවත් වෙනම මානයකට මනුෂයාව රැගෙන යයි . ලොකය එක් කාලයකදි තාක්ෂණික උපකරණ හා එම ක්‍රියාකර කම් මතම දිනක රාදා පවති. ගුණදම් වලට තිත නොතිබුනත් එවා පවතින මට්ටමට වඩා වෙනස් වේවි
ReplyDeleteඅපිනම් කියන්නේ මනුසත් දෙටණ නෙවෙයි නයි දෙරණ කියලා
ReplyDeleteදිල්කා කියන කතාව සමග මම සියයට සියයක් එකගයි....මාධ්‍ය ආචාරධර්ම , මාධ්‍ය ප්‍රතිපත්ති උගන්වන අයෙකු ලෙස, වර්තමාන මාධ්‍ය භාවිතාව ගැන තියෙන්නේ පිළිකුලක් ...නමුත් දෙරණ මාධ්‍ය සම්ප්රදාය ඩිල්කා කියාන ආකාරයටම නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා...එහි සභාපති ඩිලිත් ජයවීර මහතා දෙරණ මාධ්‍යවේදීන්ට දී තිබෙන නිදහස අසීමිතයි...එවැනි නිදහසක් රටේ අනෙක් මාධ්‍ය වල නැතිනිසා බොහෝ දෙනෙකුට දෙරණේ නිදහස ගැන තියෙන්නේ පුදුමයක්...මමත් කෙටි කලක් දෙරණේ හිටපු නිසා ඩිලිත් ජයවීර මහතා සැමට ලබා දී තිබෙන නිදහස ගැන අත්දැකීම් තිබෙනවා...මෙහි දී වරුණි අමුණුගම මහත්මියවත් අමතක කරන්න බැහැ...දෙරණ පාලනාධිකාරිය ලබා දී තිබෙන නිදහස එහි මාධ්‍යවේදීන් වගවීමෙන් යුතුව ආරක්ෂා කරන්න ඕන .එවිට දෙරණේ පවතින ප්‍රමිතියත් තව දුරටත් ආරක්ෂා වෙනවා..
ReplyDeleteඔබලා ඉවත් උනාට පස්සෙ දෙරණ ගැන කියලා වැඩක් නැහැ. ඔබ කියලා තියෙන්නේ ඇත්ත. අපිට ඩැන් ගැන ප්‍රශ්නයක් නැහැ . දරැවන් මාකට් කරලා චන්දය ගන්න හදන්නේ කියලයි මට විතරක්ද හිතෙන්නේ .
ReplyDeletePost a Comment