එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසන්නේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තිබූ සැකය නිසාම බටලන්ද ප්‍රදේශයේ හමුදා කඳවුරක් ස්ථාපිත කළ බවය.ඔහු වැඩිදුරටත් පැවසුවේ,
බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ එකම චෝදනාව වන්නේ එහි නිවාස කිහිපයක් හමුදාවට ලබාදීම බවයි. “එම වාර්තාවෙන් වෙනත් කිසිඳු චෝදනාවක් නැහැ,” යැයිද ඔහු අවධාරණය කළේය.
"ඒ සමය භීෂණයකින් පිරුණු කාලයක්. සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ඝාතනය වුනෙත් එම කාලයේ. තවත් ඝාතන රැසක්ද වාර්තා වී තිබුණා. එවැනි තර්ජන මැද බියගම සංවිධායකයෙකු සහ ඇමතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂාව සැලසීම සඳහා කටයුතු කළේය," යැයිද රුවන් මහතා සඳහන් කළේය.
ඔහු අවසන් වශයෙන් පැවසුවේ, “හමුදාව එහි ස්ථාපනය වූයේ තර්ජන වලට මුහුණ දීමට පමණයි. ඒ හැර රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කළ හැකි වෙනත් චෝදනාවක් නැහැ” යනුවෙනි.

Post a Comment