බලංගොඩ පොලිස් වසමේ රුක්මල්කඳුර ප්රදේශයේදී නිවසක ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ලොරි රථයක් පණ ගන්වා නිවසින් පිටව යාමට පසුපසට ධාවනය කරන අවස්ථාවේදී නිවසේ සිටි පිරිමි දරුවෙකු ලොරි රථයේ වම්පස පිටුපස රෝදයට යටවීමෙන් අනතුරක් සිදුව ඇති අතර,
අනතුරින් බරපතළ තුවාල ලැබූ පිරිමි දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගිය දරුවා වයස අවුරුදු 01 යි මාස 07 ක් වූ දෙපැලමුල්ල, බලංගොඩ ප්රදේශයේ පදිංචි ලොරි රථයේ රියදුරුගේ පුත්රයා වේ.
අනතුර සිදුකළ වයස අවුරුදු 39 මියගිය දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන ඇත.

Post a Comment