ඊයේ උදෑසන (12) අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ත්රීරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන අතර,
අනතුර සිදුව ඇත්තේ කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදීයි.
අනතුරින් ත්රීරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු බරපතල තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.
ත්රීරෝද රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුලත් කරනවාත් සමග දුම්රියේ ගැටී ඇති අතර,
අනතුරින් ත්රීරෝද රථයේ එන්ජිම ගැලවී මීටර් කිහිපයක් ඈතට විසිවී තිබෙනවා.අනතුර සිදුවන අවස්ථාවේ ත්රීරෝද රථයේ රියදුරු සහ තවත් කාන්තාවක් ගමන්කර ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය රේල් ගේට්ටුව වසා නොතිබූ බවයි වාර්තා වන්නේ.
කොස්ගම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Post a Comment