ශාන් පුතා අත්අඩංගුවට

ජනප්‍රිය රැප්‌ ගායක ශාන්‌ පුතා නැමැත්තා මිලි මීටර්‌ 09 වර්ගයේ ගිනි අවියක්‌ සමග අද (14) අත්‌අඩංගුවට තිබෙන බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

ඔහුව අත්‌අඩංගුවට ගෙන ඇත්තේ, මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදීයි.

ඔහුට මෙම ගිනි අවිය ලබා දුන්‌ බව කියන මන්නාරම පොලිස්‌ කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස්‌ කොස්තාපල්වරයෙක්‌ සහ සැකකාර රැප්‌ ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු මෙහිදී අත්‌අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

සැකකාර පොලිස්‌ කොස්තාපල්වරයා මාතර, කොටවිල පොලිස්‌ ස්ථානයේ සේවය කරමින්‌ සිටි කාලයේ දී මෙම ගිනි අවිය සොරාගෙනවිත්‌ මොහුට ලබා දී තිබෙනවා.

කොස්තාපල්වරයා මන්නාරම පොලිස්‌ කොට්ඨාශයට ස්ථාන මාරුවක්‌ ලැබීමෙන්‌ ගිය පසුවයි මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඒ අනුවයි මොවුන්ව අත්‌අඩංගුවට ගෙන තිබෙන්නේ.





Post a Comment

Previous Post Next Post
×

Join Our WhatsApp Channel

Stay updated with the latest news!

An ad may appear after clicking this.