වෛද්‍යවරියට හදි කල නරුමයා

වෛද්‍යවරියට හදි කල නරුමයාට පොලිසිය හොඳම එකෙන් සලකලා… ගුද මාර්ගයට පොල්ලකුත් බස්සලා…

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය පොලිසියට අවසර ලබාදුන්නා.

ඒ සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මෙම සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් රෝහල් භූමියේ පිහිටි නිල නේවාසිකාගාරයට ඇතුළු වූ නාදුනන පුද්ගලයෙක් තියුණු ආයුධයක් පෙන්වා බියවද්දවා ඇයව දූෂණය කර තිබුණේ ඉකුත් සඳුදා පස්වරු 6.30ත් 7.00ත් අතර කාලය තුළයි.

ඉන් අනතුරුව සැකකරු වෛද්‍යවරියගේ ජංගම දුරකථනයද පැහැරගෙන ගොස් තිබූ අතර එහි දුරකථන සංඥා අනුව සැකකරු සොයා පොලිස් විමර්ශන දියත් කෙරුණේ ඒ අනුවයි.

සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය පොලිසිය වෙත සිය අත්දැකීම මෙලෙස අනාවරණය කර තිබුණා.

නේවාසිකාගාරයේ මගේ කාමරයට ඇතුල් වෙන්න හදද්දි මගේ පිටුපසින් කවුරුහරි ඉන්නවා වගේ දැනුනා. ඒ එක්කම මම හැරිලා බැලුවා...

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගල්නෑව පොලිසිය වෙත රැගෙන ආ අතර අනතුරුව ඔහු රැගෙන ආවේ අනුරාධපුර පොලිසිය වෙතයි.

මේ අතර මෙම සිද්ධියෙන් අනතුරුව සැකකරුට රැකවරණය ලබාදීම, තොරතුරු සැඟවීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් පුද්ගලයෙකු පොලිසිය ගල්නෑව නිදිකුම්බායාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද පස්වරුවේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවට ඉදිරිපත් කෙරුණා.

Source – Iri News





Post a Comment

Previous Post Next Post
×

Join Our WhatsApp Channel

Stay updated with the latest news!

An ad may appear after clicking this.