අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළ බව කියන සැකකරු අත්අඩංගුවට ගෙන ති‌බේ.

 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළ බව කියන සැකකරු අත්අඩංගුවට ගෙන ති‌බේ.

පොලීසිය පැවසුවේ, සැකකරු ගල්නෑව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සිද්ධිය සිදු වූ පෙරේදා(10) දින රක්ෂිත බන්ධනාගාරයෙන් මුදා හැරි සැකකරුවෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, ගල්කිස්ස ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් එලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බවයි.

ඊට අමතරව කැකිරාව ප්‍රදේශයේ නිවසක් බිඳ භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියක සැකකරුවෙකු ලෙසට ද ඔහු නම් කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(12) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේ ය.
 තිබේ.



Post a Comment

Previous Post Next Post
×

Join Our WhatsApp Channel

Stay updated with the latest news!

An ad may appear after clicking this.