උපකරණය වැඩිදියුණු කර ගන්න වගකිවයුතු අය මැදිහත් වෙන්න


 

Article with Show More/Less

දුම්රිය මාර්ග හරහා අලි ගමන් කිරීම හේතුවෙන් මේ වන විටත් දුම්රියවල ගැටී අලි සම්පත අකාලයේ විනාශ වෙමින් පවතින අවධියක ... අලි සම්පත එකී ව්‍යසනයෙන් මුදා ගැනීමේ අරමුණින් උපකරණයක් සැකසූ ශිෂ්‍යයකු පිළිබඳව තොරතුරු සැලවී අපි ඔහු සොයා ගියෙමු.

වරකාපොළ, නෙළුන්දෙණිය, පහලගම ප්‍රදේශයේ පදිංචි ඔහු නමින් ටුමිර රන්තරු දෙව්මිත් රණතුංග ය. වයස අවුරුදු 14 කි. තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ටුමිර රන්තරු මේ වන විට අලින් දුම්රියවල හැප්පීම වැළැක්වීම සඳහා උපකරණයක් සකසා ඇත. මෙම උපකරණය දුම්රිය මාර්ගය දෙපස සවිකර එම උපකරණය මගින් අලියා නිශ්චිතවම හඳුනාගෙන දුම්රිය රියැදුරුට එස්.එම්.එස් පණිවිඩයක් මගින් දුම්රිය මාර්ගයේ අලියකු සිටින බව දන්වා යැවීම සිදුකරන බව ටුමිර රන්තරු පවසයි.

මෙම උපකරණය තුළ සවිකර ඇති කැමරාවෙන් අලියා නිශ්චිතවම හඳුනා ගැනීමෙන් අනතුරුව මෙහි ඇතුළත් කර ඇති අදාළ මාර්ගයේ දුම්රිය රියදුරාට එස්.එම්.එස් පණිවිඩයක් මගින් දැනුවත් කරන අතර රියැදුරු සිදුවීමට යන හානිය වළක්වා ගැනීමට පියවර ගතයුතුය.

මොහු මේ වන විටත් නව නිපැයුම් ගණනාවක් කර ඇත. රිළව් පැන්නීමේ උපකරණයක්, අන්ධ පුද්ගලයන් සඳහා ස්මාර්ට් සන්ග්ලාස් එකක් සහ ස්ටික් එකක් ද සකසා ඇත. ඒවා තරගවලට ඉදිරිපත් කර ත්‍යාග හා සහතික ද ලබා තබේ.

මෙවැනි උපකරණ සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට විශාල මුදලක් වැයවන බැවින් මෙය වැඩිදියුණු කර ගැනීමට රජය හෝ පරිත්‍යාගශීලීන් මැදිහත්වී උදව් උපකාර කරන්නේ නම් එය තමාට මහත් පිටිවහලක් වන බව ටුමිර රන්තරු පැවසීය.

Post a Comment

Previous Post Next Post
×

Join Our WhatsApp Channel

Stay updated with the latest news!

An ad may appear after clicking this.