Coriandrum, Sativum යන විද්‍යාත්මක නාමයෙන් හ¾දුන්වන කොත්තමල්ලි ගුණ රාශියකින් සමන්විත ශාකමය ආහාරයක් වේ. ශ්‍රී ලාංකේය ආහාර සම්ප්රදාය තුළ කොත්තමල්ලි යොදාගන්නේ ආහාර රස ගන්වන කුළුබඩු ආකාරයටයි. අතීතයේ මෙම කුළුබඩු නිවසේදීම පිළියෙල කර ගැනීමත්, කුළුබඩු කිහිපයක් එකතු කර ගැනීමත් නිසා ආහාරවල රසය මෙන්ම ගුණයද ඉතා ඉහළ පැවැතුණද අද වන විට මෙය තරමක් සීමාවී තිබෙන බව දක්නට ලැබෙන නිසා කාගේත් මල්ලි ලෙස විරුදාවලිය ලැබූ කොත්තමල්ලි පිළිබඳ දැන ගනිමු.
කොත්තමල්ලි ශාකය බහුලව භාවිත කරනුයේ කොත්තමල්ලි ඇට සහ කොත්තමල්ලි කොළය. මෙම කොත්තමල්ලි ඇට අඹරා කුඩු වශයෙනුත්, කොත්තමල්ලි කොළ ආහාර මතුපිට කුඩා කැබලි වශයෙන් දැමීමට සහ එය යොදා ආහාර පිසීමටද ශ්‍රී ලාංකික බොහෝ ගෘහණියන් පුරුදු ව සිටිති.
කොත්තමල්ලි ඇටවල ලිනොලෙයික්, ඔලෙයික්, පාමිටික් වැනි ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල, තන්තු, යකඩ, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් අඩංගු වේ. තවද කොත්තමල්ලි ශරීරයට අහිතකර කොලෙස්ටරෝ්ල් වන (LDL) මට්ටම අඩු කරන අතර ශරීරයට හොඳ කොලෙස්ටරෝල් (HDL) මට්ටම වැඩි කරන බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

ශරීරයේ පවතින සෛල, මුක්ත ඛණ්ඩකවලින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරක වන විටමින් ඒ, රයිබොප්ලෙවින්, කැරොටින්, නියැසීන් සහ ෆෝලික් අම්ලයද කොත්තමල්ලිවල බහුලව අඩංගු වේ. තවද කොත්තමල්ලිවල (කොළ සහ ඇටවල) විටමින් C, Selinium ද පවතින නිසා මෙය සෙම්ප්‍රතිශ්‍යාවට ප්රත්යක්ෂ ඔෟෂධයක් වශයෙන් භාවිත වේ.
අද වන විට බොහෝ දෙනා පීඩාවිඳින දියවැඩියාව, ඔස්ටියෝපොරෝසිස් වැනි බෝ නොවන රෝග පාලනය කිරීමට කොත්තමල්ලි ඇට ජලයේ දමා පානය කිරීමෙන් හැකියාව තිබෙන බව සොයාගෙන තිබෙනවා. මූලිකවම මෙහි කැල්සියම් සහ විටමින් K පවතින නිසා කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසුව ඇතිවෙන අස්ථි සම්බන්ධ ගැටලුවලට ස්වාභාවික විස¾දුමක් ලෙස භාවිත කළ හැකි වෙනවා.
තවද තම නිවෙසේදී අජීර්ණ තත්ත්වයක්, වමන ගතියක් ඇති වුවහොත් කොත්තමල්ලි ඇට පානය කිරීමට ඔබ අනිවාර්යයෙන්ම පෙලඹී ඇත. මෙලෙස කොත්තමල්ලි පානය කිරීමෙන් එවැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනුයේ එහි ඇති බේරානිඔල් (Broniol), ලිනොලූල් (Linalool) Limonene, Cileol වැනි සංඝටක නිසාය. තවද මෙම සංඝටකයන් සහ එහි ඇති සිසිල් ගුණයත් නිසා මාසික ඔසප් චක්‍රයේ ඇතිවෙන උදර වේදනාවට පිළියමක් වශයෙන් යොදා ගත හැකිය. මෙලෙස කොත්තමල්ලි කොළවල මෙන්ම ඇටවල ගුණ රාශියක් පවතින වන විට
ප්‍රමාණය ඉක්මවා ආහාරයට එකතු කර ගැනීමෙන් යම් සංකූලතා ඇති වීමටද, සිදුවීමට හැකිය. කොත්තමල්ලි ප්‍රමාණය ඉක්මවා ආහාරයට එකතු කර ගැනීම නිසා සම ආශ්රිත රෝග, (සම වැඩි වශයෙන් සංවේදී වීම) රුධිරයේ සීනි මට්ටම ප්‍රමාණය ඉක්මවා අඩු වීම, ගර්භණී සමයේ මුල් මාස තුළ යම් යම් සංකූලතා මතුවීම සහ රුධිර පීඩනය ප්‍රමාණය ඉක්මවා අඩු වීමද සිදුවිය හැකිය. එම නිසා කොත්තමල්ලිවලින්, රස ගන්වන පිළියෙල කිරීමේදී
අනෙකුත් කුළුබඩු මිශ්‍රකර සෑම දෙයකින්ම කුඩා ප්‍රමාණවලින් (නියමිත අනුපාතයන්) ගෙන පිළියෙල කරගත යුතුය. තවද කොත්තමල්ලි ඇට රැයක් ජලයේ පොඟවා තබා බීමෙන් ශරීරයේ විස හරණයට උපයෝගී වීම සිදුවන අතර මෙය සතියකට දවස් තුනක් පමණ කිරීම ප්‍රමාණවත් වේ. එමෙන්ම මේ දිනවල පැතිර යන වසංගත තත්ත්වයන්ට ඔරොත්තු දීමට අවශ්‍ය ශරීර ප්‍රතිශක්තිය ඉහළ දැමීමට කොත්තමල්ලි ඇට සහ සුදුලූනු වියළා කබලේ බැද සකස් කර ගන්නා කුඩු මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන උණු ජලයෙන් පානය කිරීමෙන් හැකියාව ලැබෙන අතර එය තේ හෝ පැණි බීම වෙනුවට භාවිත කළ හැකි ඔෟෂධීය පානයක් ලෙසින් ශරීරයේ බර ද පාලනය කර ගත හැකිය.
මෙලෙසින් ප්‍රමාණය ඉක්මවා භාවිත නොකර නියමිත ප්‍රමාණවලින් භාවිත කිරීමෙන් කොත්තමල්ලිවලින් ලැබෙන ගුණය නිසි ලෙස දිවියට ළඟා කරගත හැකිය. එමඟින් නිරෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.
credit goes to respective owners

Post a Comment