ගෙවන්නේ පැලෑටි වලට බිත්තර කටු වලින් ලබා දෙන සුපිරි පෝෂණය
*
ඔබත් බිත්තර කැවාට පසු එහි කටු කුණු කූඩයට දමනවාද? එසේ නම් ඔබ ඉවත දන්නේ ඔබේ ගෙවන්නට අවශ්‍ය ඉතා වටිනා 'කැල්සියම්' පොහොරකි. බිත්තර කටු 95%ක්ම සමන්විතවන්නේ කැල්සියම් කාබනේට් (Calcium Carbonate) වලිනි. එය ශාකවල සෛල බිත්ති ශක්තිමත් කිරීමටත්, ශාකයේ වර්ධනය වේගවත් කිරීමටත් අන්‍ය වශ්‍ය වේ.
බිත්තර කටු පොහොරක් ලෙස භාවිතා කිරීමේ වාසි:

කැල්සියම් ඌනතාවය දුරු කිරීම:
නක්කාලි, මිරිස් සහ බිට්ටු වැනි පැලෑටි වල ගෙඩි හටගන්නා විට අගින් නරක් වීම (Blossom End Rot) බොහෝ විට සිදුවන්නේ කැල්සියම් මදි වීමෙනි. බිත්තර කටු කුඩු කර පසට එකතු කිරීමෙන් මෙම ගැටලුව සම්පුර්ණයෙන්ම විසඳා ගත හැක.
ගොළුබෙල්ලන් පාලනය කිරීම:
ගොළුබෙල්ලන් සහ ලොඩියන් පැලෑටි වල පත්‍ර අනුභව කිරීම වළක්වා ගැනීමට මෙය කදිම විසඳුමකි. බිත්තර කටු රළුවට කැබලි කර පැලෑටිය වටා අකුරන්න. එම කටුවල ඇති තියුණු දාර මතින් ගමන් කිරීමට ගොළුබෙල්ලන් අකමැති නිසා ඔවුන් පැලෑටි වලින් ඈත් වේ.
කොම්පෝස්ට් පොහොරේ ගුණය වැඩි කිරීම: 1
කොම්පෝස්ට් බඳුනට බිත්තර කටු එකතු කිරීමෙන් පොහොර වල අඩංගු ආම්ලිකතාවය පාලනය වී පෝෂණ ගුණය ඉහළ යයි.
බිත්තර කටු පොහොර සකස් කරන නිවැරදි ක්‍රමය:
බිත්තර කටු නිකම්ම පසට දැමීමට වඩා පහත පියවර අනුගමනය කිරීමෙන් ශාකයට පෝෂණය ඉක්මනින් උරා ගැනීමට උදව් වේ.
පිරිසිදු කිරීම: බිත්තර කටු හොඳින් සෝදා සෙවල ගතිය ඉවත් කරන්න. (මෙය කුහුඹුවන් සහ මැස්සන් පැමිණීම වළක්වයි).
වේලීම සෝදා ගත් කටු අව්වේ තබා හොඳින් වේලා ගන්න.
කුඩු කිරීම වේළුණු කටු ඉතා සිහින්ව කුඩු කරගන්න. කුඩු සිහින් වන තරමට පසට පෝෂණය උරා ගැනීම වේගවත් වේ.
පසට යෙදීම පැලෑටිය වටා පස මඳක් බුරුල් කර කුඩු ස්වල්පයක් දමා පසෙන් වසා වතුර දමන්න.
credit goes to respective owners

Post a Comment