⭕🔥අනිද්දා කොළඹදී පහළින් පියාසර කරමින් එයාර්බස් A330-200 යානය ශ්‍රි ලංකන් සමග එක් වෙයි
⭕ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 ( Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය ලබන 4වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
⭕පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයින්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරනු ලබනවා.
⭕උදෑසන 8:00 සිට 9:00 දක්වා, අඩි 1,000ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට නියමිතයි.
⭕ඉන්පසු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැසීමට පෙර කටුනායක ගුවන්තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කිරීමටත් නියමිත බව වාර්තා වෙනවා.
⭕ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධකරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතුවන මෙම ගුවන් යානය පළමු වරට පැමිණීම දැකගැනීමට ලැබීම ගුවන් යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයින්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇති.
⭕එයාලා විකුණන්න සේල් දාලා තිබ්බේ මෙ ආයතනය
Post a Comment