බඩ වටේ තැන්පත් වෙලා තියන තෙල් තට්ටුව තියාගෙන ඉන්න ආස අය නම් බොහොම අඩුයි.
වැඩි දෙනෙක් මෙහෙම ඉන්නේ එක්කෝ කෑම පාලනය කර ගන්න බැරි නිසා, නැතිනම් ව්‍යායාම කරන්න කම්මැලි නිසා හෝ වේලාවක් නැති නිසා.
කවුරු හරි ඇවිත් බඩ අඩුකරලා දෙනවනම් ඒකට අකමැති අය ඉඳියි කියලා හිතන්නත් අමාරුයි නේද? අපි දැන් කියන්න යන්නේ ඒ් වගේ කිසිම අතිරේක මහන්සියක් නැතිව ලේසියෙන්ම බඩ අඩුකර ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.
මෑත කාලයේදී කරපු අධ්‍යනයකින් තහවුරු වෙලා තියෙන දෙයක් තමයි බඩේ මේ විදියට තෙල් පිරිලා තියෙන එක ලස්සන ගැන ප්‍රශ්නයක්ම නොවෙයි කියලා.
මේකෙන් දරුණු ලෙඩ රෝග වැළඳෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඔබේ බර නියමිත ප්‍රමාණයේ තියෙනවා වූණත් බඩ ප්‍රදේශයේ තෙල් පිරිලා තියෙනවා කියන්නේ ඔබ නිරෝගී නැහැ කියන එකයි. ඔබේ ආයු කාලය අඩුකරන්නත්, තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්නත් බඩේ තෙල් තැම්පත්වීම හේතු වෙනවා.
දැන් මේ කියන්න යන මේදය දහනය කරන වට්ටෝරුව ලෝකය පුරාම ජනප්‍රිය වුණු එකක්. විවිධ වයස් මට්ටම්වල විවිධ බරවල් තිබුණු අය මේක උත්සාහ කරලා බලලා තමන්ගේ බර අඩුවුණු බව කියලා තියෙනවා.
මේ නිසා මෙතෙක් හොයාගත්තු සාර්ථක ක්‍රමයක් මේක. ප්‍රධානම දේ මේක හදාගන්න එක හරිම සරලයි වගේම පහසුයි. අවශ්‍ය වන්නේ පාස්ලි, ලෙමන් සහ වතුර විතරයි. මේ 3 පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ පරිවෘත්තීය ක්‍රියා වේගවත් කරගෙන බර අඩුවීම වේගවත් කරගන්න. කරන්න තියෙන්නේ මේ සරල උපදෙස්ටික පිළිපදින එක විතරයි.
අවශ්‍යදේ දේවල් තමයි මේ..
පාස්ලි කොළ මිටියක් ලොකු ලෙමන් ගෙඩියක් වතුර කොප්පයක්
හදාගන්නේ මෙහෙමයි..
මුලින්ම පාස්ලි කොළ ටික මිටියක් වගේ අරගෙන මැල්ලුම් හදන්න වගේ පුළුවන්තරම් සිහින්ව කපාගන්න. ඒක කරන්න කම්මැලිනම් බ්ලෙන්ඩර් එකට දාලා කුඩුකරලා ගන්න. ඊටපස්සේ ලෙමන් ගෙඩිය දෙකට කපලා යුෂ ටික වීදුරු භාජනයකට මිරිකා ගන්න. මේ යුෂ වලට කෑලිකරගත්තු පාස්ලි කොළ ටිකයි, වතුර කොප්පයයි එකතු කරගෙන කවලම් කරගන්න.
මේ මිශ්‍රණය දිනපතාම උදේ නැගිටපු ගමන් හිස්බඩ බොන්න ඔනේ. එක දිගටම මේ විදියට දවස් 6ක් හැමදාම උදේට මේක බොන්න. මතක තියාගන්න මේක නැවුම්ව හදාගත්තු ගමන් තමයි බොන්න ඕන. ඊට පස්සේ දවස් 10 ක් විවේක ගන්න. ඒ කිවුවේ දවස් 6ක් මේක බීලා ඊලඟට දවස් 10ක් මේක නොබී ඉන්න ඕනේ. ඉන්පස්සේ තවත් බර අඩුකරගන්න ඕනෙ නම් ආයෙත් දවස් 6ක් බොන්න, 10 ක් විවෙක ගන්න. මේ චක්‍රය ඔබ කැමති කාලයක් කරන්න.
මේ බීම එකේ තියෙන වැදගත් ලක්ෂණ බොහොමයි
පාස්ලි හා ලෙමන් කියන දෙකම ඔබේ මේදය දහනය කරනවා වගේම කලිනුත් කිවුවා වගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරනවා. විශේෂයෙන්ම පාස්ලි වලින් ඔබේ ආහාර ජීරණය වේගවත් කරලා ශරිරයේ එකතුවෙන තරලයන් ඉවත් කිරීම කාර්යක්ෂම කරනවා.
මේ නිසා මුහුණේ එහෙම තියෙන පිම්බුණ ගතිය දුරු වෙලා යනවා. මේදයටත් වඩා අපිව මහතයි වගේ පේන්න හේතුව මේ විදියට ශරීරයේ තරල එක් රැස්වීමයි.
ඔබට පුදුම හිතෙයි මේකෙන් ලැබෙන ප්‍රතිඵලය දැක්කම. පළවෙනි දවස් 6 අවසාන වෙන්න කලින් පැහැදිලි වෙනසක් බලාගන්න පුළුවන්. බඩේ තියෙන තෙල් ටික දහනය වෙලා ගිහින් ඇඟටත් ශක්තිය ලැබේවි. සති කිහිපයක් මේක කළා නම් කිසිම මහන්සියක් නොවී ලස්සන සිරුරකට හිමිකම් කියන්න පුළුවන් වේවි.
පේනවා නේද ස්වභාවික දේවල් පාවිච්චි කරලා ගන්න පුළුවන් ප්‍රයෝජනය. මේ හැම දෙයක්ම ඉතා පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රම නිසා ලේසියෙන්ම විසඳුමක් ලබාගන්නත් ඔබට හැකිවේවි.
උපුටා ගැනිම [ අන්තර්ජාලයෙන්]
Post a Comment