සර්ප දෂ්ටකිරීම් හේතුවෙන් ලෝකයේ වසරකට පුද්ගලයින් 140,000ක් පමණ මිය යනවා. නමුත් දැන්, සර්ප විෂෙන් බේරීම සඳහා නව සහ විශිෂ්ට ප්‍රතිවිෂක් සොයා ගැනීමට, ඇමරිකාවේ ටිම් ෆ්‍රිඩ් නම් පුද්ගලයෙක් මූලික වෙලා තියෙනවා.
ටිම්, වසර 18ක් පුරා මැම්බා, කොබ්රා, ටයිපෑන් වගේ අති භයානක සර්පයන්ගේ විෂ තමන්ගේ ශරීරයට එන්නත් කරමින් ජීවිත අවධානමක් ගත්තා. ඒකෙදී ඔහුට වරක් කොබ්රා සර්ප විෂ දෙවරක් ශරීරගත වීම හේතුවෙන්,
කෝමා තත්ත්වයට ද පත් වුණා. නමුත් එයින් ඔහු නවත්වන්න බැරිවුණා. මෙය ඔහු කළේ තම ආරක්ෂාවට විතරක් නොවෙයි — ලොව පුරා සර්ප විෂෙන් මියයන මිනිසුන්ට උදවු කරන්නයි. ඔහුගේ රුධිරය විද්‍යාඥයන් විසින් පරීක්ෂා කළා, ඒ තුළින් සර්ප විෂ වලට එරෙහිව සාර්ථකව ක්‍රියාකරන විශේෂිත ප්‍රතිවිෂ 2ක් හඳුනා ගත්තා.
අදටත් සර්ප විෂට පාවිච්චි කරන ප්‍රතිවිෂ බොහෝවිට ඒ විෂම දෙන සර්පයාටම ගැලපෙන්න ඕනෙ. ඒත් ටිම්ගේ රුධිරයෙන් හඳුනාගත් ප්‍රතිවිෂ, බොහෝ සර්ප විෂ වර්ගවලට එකවර ක්‍රියාකරනවා කියලා සොයාගෙන තියෙන්නෙ ඉතිහාසයේ මුල්වරටයි.
විද්‍යාඥයෝ කියන්නේ, තව වසර 10–15ක් ඇතුළත, ලොව ඇති සියලුම සර්ප විෂවලට ක්‍රියාත්මක වෙන, එක් ප්‍රතිවිෂක් හෝ වර්ග දෙකක් සෑදිය හැකි බවයි.
"මම මනුෂ්‍යත්වයට හොඳ දෙයක් කරනවා, මම ඒ ගැන ආඩම්බර වෙනවා. ඒක හරිම අපූරුයි." මේ ගැන ටිම් ෆ්රිඩ්ගේ අදහස වුණේ එයයි.
Post a Comment