"සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උප සම්පදා,
සචින්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන ශාසනං"
“බුද්ධ ධර්මයට අනුව මෙහි තේරුම, සියළු අයහපත් දෙයින් වැළකී, යහපත් දේම සිදුකිරීමයි. මම විශ්වාස කරනවා, මගේ ජීවිතයේ තේරුමත් එයමයි කියා. ආයුබෝවන්, මම අනුදි ගුණසේකර, ශ්‍රී ලංකාවේ සාඩම්බර නියෝජනයයි. මේ තියෙන්නෙ,“
72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ Head to Head Challenge වටය ආරම්භ කරමින් අද පැවති හඳුන්වාදීමේ අවස්ථාවේදී, ලංකාවේ Anudi Gunasekara තමන්ගෙ කථාව ආරම්භ කරපු විදිහයි. රූ රැජිණක් දක්වා ඇගේ ගමන, ඇගේ ඉදිරි බලාපොරොත්තු සහ අපේක්ෂා වගේම, ලංකාව සහ ලංකාවෙ කාන්තාවන් වෙනුවෙන් ඇයට කරන්න අවශ්‍ය මෙහෙයත්, කාන්තාවක් ලෙස ඇයට දැනෙන හැඟීම ගැනත් ඇය අද මුළු ලෝකෙටම ඇහෙන්න ලස්සන, ශක්තිමත් සහ හැඟීම්බර කථාවක් කළා.
අනුදි, ලංකාවෙ අපිට ඔයා ගැන හුඟක් ආඩම්බරයි. රූ රැජිණියන් වෙන්න ඕනි, රූ රැජිණ තරඟාවලි වලදි ලංකාව නියෝජනය කරන්න ඕනි ඔයා වගේ අයයි. ඉදිරියටත් ඔයා Miss World තරඟාවලියෙදි බැබළෙනවා වගේම අපේ රටේ නමත් බබළන දිහා අපි දිගටම බලන් ඉන්නවා. මුළු රටක්ම ඔයාගෙ ගමනට ආශිර්වාද කරනවා !! ඔයා අපිට ගැම්මක් Anudi !!
Post a Comment