“අද බදුල්ල බන්ධනාගාරයේ මාස දෙකකට විතර කාලයක් බන්ධනාගාර ගත වෙලා ඉඳලා මේ සුළු මොහොතකට පෙර ඇප දීලා ඉවර වුණා, එළියේ හරි ඉන්න පුළුවන් වුණේ රටේ රණවිරුවෝ අපිට කරපු යුද ජයග්රහණය නිසයි. හිරගෙදර වල් වල ඉන්නත් බෑ.
යුද ජයග්රහණය අපි ජයග්රහණය කළේ නැත්නම් හිර ගෙදර අස්සේ ඉන්නත් බයයි, හැම අවුරුද්දෙම අපේ ආණ්ඩු තියෙද්දී ආණ්ඩුකාරයාගේ ප්රධානත්වයෙන් පළාත් සභාවේ රණවිරු උත්සවයක් මෙතැන කරා. හැබැයි මේ අවුරුද්දේ විතරයි මේ ආණ්ඩුව ආවට පස්සෙ තමයි රණවිරු උත්සවය නතර කරේ, මෙතන රණවිරු තුන්දාහක් හාරදාහක් විතර බදුල්ල දිස්ත්රික්කයේ නම් ලැයිස්තු තියෙන මැරිච්ච නම් ටික.
මාස දෙකක් ඉඳලා මගේ කට වහන්න බෑ. අපි විපක්ෂයට මේ පළාතේ මිනිස්සු හැරියේ විපක්ෂයේ කාර්යභාරය කරන්න ඩීල් කරන්න නෙවෙයි. ඩීල් දාගන්නත් නෙවෙයි. අපි හිරේ දානවා කියලා බය කරලා නඩු දාලා අපේ කටවල් වහන්න බෑ.
අපි ඒ ගොල්ලො හිරගෙවල් වල දැම්මෙ නෑ. ඒ ගොල්ලන්ගේ කාර්යභාරය කරන්න දුන්නා. හැබැයි අපි අද විපක්ෂයේ ඉඳගෙන අපේ කාර්යභාරය අපි කරනවා. මේ රට වෙනුවෙන් මේ පළාත වෙනුවෙන්. එනිසා මේ පළාතේ මිනිස්සු ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යැව්වේ බයේ හැංගෙන්න නෙවෙයි.
අද අධිකරණය අපිට සාධාරණ තීන්දුවක් දුන්නා. මාස දෙකකට කෙටි කාලයක් මම කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ හිටියා. බදුල්ල බන්ධනාගාරයේ මාස එක හමාරක් විතර හිටියා. නඩු හතරක් දාලා තියෙනවා. දෙදහස් දාසයේ නඩු, දෙදහස් විසි පහේ දැම්මා දේ වගේ ගොඩක් දේවල් මට සිද්ධ වුණත් කමක් නැහැ. මම මුහුණ දෙනවා. අධිකරණය ස්වාධීනයි. අධිකරණය සාධාරණයි.”
Post a Comment