අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා මැයි මස සිට නතර කරන බවට සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත අසත්‍ය බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ,
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීම සඳහා අනුමත කරන ලද්දේ 2023 ජුනි මස සිට දෙසැම්බර් මස දක්වා පමණක් බවයි.
ඉන් පසු රජය විසින් ගත් තීරණයක් පරිදි මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම 2024 දෙසැම්බර් මස දක්වා සහ 2025 මාර්තු මස දක්වා දීර්ඝ කරනු ලැබුවා.
නැවත එය අප්‍රේල් මාසය දක්වාද දීර්ඝ කිරීමටයි රජය කටයුතු කරනු ලැබුවේ.
Post a Comment