මුදල් ආරවුලක් මත නවමස් ගැබිනි බිරියගේ ගෙල රෙදි සිරකර ඝාතනය කළ බව පැවසෙන සැමියා අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය , එනසල් වත්ත ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.
මොවුන් දෙදෙනාම කම්කරු රැකියාවේ නිරත වන බව පොලිසිය පවසනවා.
සිද්ධිය වූ දින මුදල් ආරවුලක් මත දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබූ අතර එහිදී සැකකරු විසින් නව මස් ගැබිණි බිරියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙසේ ඝාතනය කර ඇත්තේ දෙනියාය, එනසල් වත්ත ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක්.

Post a Comment