බදුලු-යාපන බස් රථයක් සෙනඟ පුරෝගෙන හැමදාම අනතුරුදායක ගමනක බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් දිනපතා රාත්‍රි 8.00ට යාපනය බලා ගමන් ගන්නා ශ්‍රී ලංගම බස්රථයේ දිනපතා මගීන් විශාල පිරිසක් ගමන් ගන්නා අතර එය ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයක් බව මගීහු පවසති.මෙම බස් රථයේ,
ධාවන කාලය පැය එකොළහක් පමණ වන බවත් ආසනගත මගීන් සංඛ්‍යාවට අමතරව මගීන් 25ක් 30ක් හිටගෙන ගමන් කරන අතර එම සංඛ්‍යාව සති අන්තයේදී ඊට වඩා වැඩි වන බව ද ඔවුහු සඳහන් කරති.
එලෙස ගමන් කරන පිරිස අතරින් වැඩි පිරිසක් යුද,ගුවන්, නාවික හා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් උතුරේ කඳවුරුවල සේවය කරන රණවිරුවන් ය.
පහුගිය කාලය තුළ රට පුරා ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ විශාල ලෙස අනතුරුවලට ලක්ව මිනිස් ජීවිත විශාල වශයෙන් අහිමිව තවත් බොහෝ පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව ඇති බැවින් මෙම බස් රථයට අමතරව තවත් බස් රථයක් බදුල්ල සිට යාපනය දක්වා රාත්‍රි හෝ සවස් කාලයේ ධාවනයට එක් කිරීම වඩාත් කාලෝචිත බව ද මගීහු පෙන්වා දෙති.
බදුල්ල සමූහ – නිශාන්ත අබේගුණවර්ධන
ඔව් තව බස් රථයක් දානවනම් හොදයි.යන්න එන්න ගියාම පුදුම දුකක් විදින්නේ.
ReplyDeletePost a Comment