හම්බේගමුව පොලිස් වසමේ අළුත්වැව ප්රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට සිදුකළ පහරදීමක දී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.ඊයේ(17)රාත්රී කාලයේ,
මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා තවත් කිහිපදෙනෙකු සමඟ මත්පැන් පානය කර ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටය දී ඇති වූ ආරවුලක් හේතුවෙන් ත්රිරෝද රථය අතර මඟ නවතා තිබෙනවා.
එම අවස්ථාවේ ත්රිරෝද රථයේ සිටි පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලයාට සහ එහි සිටි තවත් පුද්ගලයෙකුට මාර්ගයේ තිබූ ගලකින් පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ
තුවාලකරුවන් දෙදෙනා හම්බේගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, ඇනෙක් තුවාලකරු වැඩිදුර ප්රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 51 ක් වූ කල්තොට, බලංගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Post a Comment