මේ දිනයන්හි රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින චිකුන්ගුන්යා වයිරසය දකුණු ආසියාවේ දැනට සංසරණය වන චිකුන්ගුන්යා වයිරස්වලට සමාන ඉන්දියානු සාගර පරම්පරාවේ එකක් බවට හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා,
ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා “දිනමිණ”ට ඊයේ (25) පැවැසීය. මෙම ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් නැනෝපර් විශ්ලේෂණ පද්ධතිය භාවිත කරමින් සම්පූර්ණ ජානමය පරීක්ෂණයක් සිදු කළ බව ද ඒ මහතා පැවසුවේය.
ඉන්දියානු සාගර පරම්පරාවේ අද්විතීය විකෘති කිහිපයක් සමඟ මෙම වයිරසය ඇති වන බවට සොයා ගෙන ඇතැයි ද, ශ්‍රී ලාංකික 2025 CHIKV ප්‍රභේදයේ අද්විතීය විකෘති පෙන්නුම් කරන අතර ව්‍යුහාත්මක නොවන ප්‍රෝටීනය තුළ තවත් විකෘතිතා අනාවරණය වූයේ යැයි ද ඒ මහතා කීය.
2024 අවසානයේ සිට චිකුන්ගුන්යා වැඩි වශයෙන් ව්‍යාප්ත වන තත්ත්වයකට පත්ව ඇති අතර එය වසර 16 කට පසුව ව්‍යාප්ත වන්නක් බව ද ඔහු පැවසුවේය. චිකුන්ගුන්යා වයිරසය ඩෙංගු වයිරසය ව්‍යාප්ත කරන ඊඩිස් මදුරුවන් විසින් ව්‍යාප්ත කිරීමක් සිදු කරයි.

Post a Comment