කොත්මලේ ගැරඩි ඇල්ල ප්රදේශයේදී 23 දෙනෙකුගේ ජිවිත අහිමි කරමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු වූ ලංගම බස් රථය සම්බන්ධයෙන් සොයා බැලීමට මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පත් කල කමිටුවේ නිළධාරීන් (15) දින කොක්මලේ පොලිසිය වෙත පැමිණ,
අනතුරට පත් බස් රථය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවා.මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාක්ෂණ) අරුණ බැසිලේගම මහතාගේ නායකත්වයෙන් යුතු මෙම කමිටුවට ප්රධාන මෝටර් රජ පරීක්ෂක ප්රභාත් රාජ දේව, නුවරඑලිය දිස්ත්රික් මෝටර් රථ පරීක්ෂන ජාලිය බණ්ඩාර මහතා ඇතුලු නිළධාරීන් 06 දෙනෙකු සහභාගි විය.
කතරගම ලංගම ඩිපෝවේ කාර්මික අංශයේ නිළධාරින්ගේ ද මහ යෝගය ඇතිව අනතුරට පත් බස් රථය පණ ගන්වා බස් රථයේ තිරිංග පද්ධතිය රෝද සහ අනෙකුත් අමතර කොටස් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර මෙම විධිමත් පරීක්ෂණය සිදු කරනු ලැබුවා.
Ko
ReplyDeletePost a Comment