ආසියාවේ බලවත්ම පාපන්දු ක්රීඩකයා ලෙසින් පිළිගැනෙන දකුණු කොරියාවේ සොන් හියුන්ග්-මින්ගෙන් කප්පම් ඉල්ලූ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු කොරියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.තමා නිසා ගැබ්ගැනීමකට ලක් වූ බව,
කාන්තාවක් තමාගෙන් මුදල් ඉල්ලා තර්ජනය කරන බව පවසමින් හියුන්ග්-මින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
දකුණු සෝල් හි ගංග්නම් පොලීය නිවේදනය කර ඇත්තේ, කප්පම්ගැනීම සහ කප්පම්ගැනීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 20ක කාන්තාවක් සහ වයස අවුරුදු 40ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය.
මෙහිදී අදාළ කාන්තාව කොරියානු පාපන්දු තරුවට තර්ජනය කර ඇත්තේ, හියුන්ග්-මින් නිසා තමා ගැබ්ගත් බව ගැන නිහඬව සිටීමට නම් ඇයට මුදල් ලබාදෙන ලෙසය.
එම කාන්තාව ඉකුත් මාර්තු මාසයේද තමාගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කළ හියුන්ග්-මින් පවසා ඇත.
එංගලන්තයේ ප්රධාන පෙළේ පාපන්දු සමාජයක් වන ටොටන්හැම් කණ්ඩායමේ නායක වන සොන් හියුන්ග්-මින් ආසියාවේ බලවත්ම පාපන්දු ක්රීඩකයා ලෙස පිළිගැනේ.
ඔහු අඛණ්ඩව වසර 7ක් ඇතුළුව ආසියාවේ හොඳම පාපන්දු ක්රීඩකයාට හිමි සම්මානය අවස්ථා රැසකදී දිනා ඇත.
එමෙන්ම ප්රිමියර් ලීග් ගෝල 100ක් ලබාගත් පළමු ආසියානු ක්රීඩකයා වන්නේද සොන් හියුන්ග්-මින්ය.
Post a Comment