මව් බිමේ ඒකීයත්වය වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව අවසන් හුස්ම පොදත් වාතලයට මුසු කළ අහිත රණවිරුවන්ගේ පුරාවන්නේතඅදටත් ජන මනසේ රැව්පිළිරැව් දෙනවා.
ඒ, පරම්පරා ගණනකට ඔවුන්ගේ වීරත්වය පිළිබඳ මතකය ඉතිරි කර දෙමින්
ඊළාම් සිහිනය සිහිනයක් ලෙසම් ඉතිරි කරමින් එල්.ටී.ටී.ඊ. නායකයින් රැසකට මරබිය දැනවූ සහ නොවරදින ඉලක්කයකින් කොටි නායකයින් අවසන් ගමන් යැවූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ වීරත්වය පිළිබඳ මතකාවර්ජනයයි මේ.
පරම වීර වික්‍රම විභූෂණ ලුතිනන් කර්නල් ලලින් ජයසිංහ.
1976 වසරේ අවිස්සාවේල්ලේදී උපත ලබන ලලින් 1997 වසරේදී උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරි ලබා 6 වන ගැමුණු හේවා බලකායට ඇතුළු වන්නේ දෙවැනි ඊළාම් යුද්ධය උග්‍රව ක්‍රියාත්මක වූ කාල වකවානුවකයි.
දැක්වූ දක්ෂතා සහ දැඩි කැමැත්ත මත යුද හමුදාවේ විශේෂ බලකායට ඇතුළු වන ලලිත් ජයසිංහ විශේෂ බලකායේ 24 වැනි පාඨමාලාව සාර්ථකව අවසන් කරන්නේ එහි හොඳම වෙඩික්කරුවා බවට පත් වෙමින්.
විශේෂ ක්‍රියාන්විත වලට සහභාගි වීමට ඔහු තුළ වූ දැඩි කැමැත්ත හේතුවෙන් දිගු දුර විහිදුම් බලකායට ඇතුළත් වන ලලිත් නොනවතින රැල්ල ක්‍රියාන්විතයට සිය සක්‍රීය දායකත්වය ලබා දෙනවා.
ඊළාම් සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින් ඉවක් බවක් නැතුව කටයුතු කරමින් සිටි වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු එල්. ටී. ටී. ඊ. නායකයින්ට මරබිය දැනවූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ ක්‍රියාන්විත එල්. ටී. ටී. ඊ සංවිධානය තුළ දැඩි භීතියක් ඇති කර තිබුණේ ඔහුගේ ඉලක්ක කිසි දිනක නොවැරදුණු නිසායි.
2001 වසරේ LTTE ගුවන් බලකායේ ප්‍රධානි කර්නල් ශංකර්, මුහුදු කොටි බලකායේ දෙවැනියා වූ කන්ගෙයි අමරන්, සන්නද්ධ කොටි බුද්ධි නායක කර්නල් චාල්ස් ඇතුළු කොටි නායකයින් රැසක්ම ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ නායකත්වයෙන් විනාශ කළ බව LTTE වෙබ් අඩවි පවා වාර්තා කළා.
එවැනි පසුබිමක ලලින් ජයසිංහ ත්‍රස්තයින් භීතියට පත් කරමින් 8 TEAM හෙවත් 8 කණ්ඩායම ක්‍රියාන්විත හරහා කොටි මර්මස්ථාන රැසක් විනාශ කළේ අහිත රණවිරුවෙකුගේ වගකීම උර මත දරමින්
පාබල හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලේ සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරද්දි යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තම කණ්ඩායම සමග 2008 නොවැම්බර් 20 දා ඔනි ඩුසුඩාන් කොටි පාලන ප්‍රදේශයට සුක්ෂමව ඇතුළු වන්නේ මහා විරු දින උත්සවයට සහභාගී වන කොටි නායකයෙකු අවසන් ගමන් යැවීමටයි.ඉතා විශ්වසනීය ලෙස තමන්ට දුන් ඉලක්කය,
හඹා ගිය මෙම අභීත රණවිරුවා කොටි පාලන ප්‍රදේශයේ කිලෝමීටර් 40ක් පමණ ඝන වනාන්තරය තුළදී සිය ඉලක්කය ගන්නේ කොචි ත්‍රස්තයින් මවිතයට පත්කරමින්කොටි පාලන ප්‍රදේශයේ සන්නද්ධ අවි සමග ත්රස්තවාදීන් සතර දෙසින් වට කර ප්‍රහාර දියත් කරද්දී ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ පාදයකට මෝටාර් උණ්ඩයකින් දැඩි හානි සිදුවනවා.
පසු බැසීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණ ද තම කණ්ඩායමට නිවැරදිව අණ දෙමින් ත්රස්තයිට ප්‍රතිප්‍රහාර දියත් කරන ලලින් ඔඩුසුඩාන් වනාන්තරය තුළදී සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන්නේ යුද ඉතිහාසයේ අමරණීය අභීත රණවිරුවෙකුගේ මතකය ඉතිරි කරමින්,ඒ වනවිට ලුතිනන් කර්නල් ලලින් ජයසිංහගේ බිරිඳ සයස් ගැබිනියක්.
පරම වීර වික්‍රම විභූෂණ පදක්කම්, වීර ක්‍රියා පදක්කම, දේශ පුත්‍ර පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික 50 වන යුද හමුදා සංවත්සර හා 50 වැනි නිදහස් ස්වර්ණ ජයන්ති යන පදක්කම් වලින් ලලින් ජයසිංහ පුද ලබන්නේ විරත්වය යනු මනුෂ්‍යත්වයේ උත්තම කැප කිරීමක් බව යළිත් පසක් කරමින්.
ඔහුගේ උපන් ගම වූ අවිස්සාවේල්ල නගරයේ ඉදිකර ඇති පිළිරුව අසළ අද විශේෂ සැමරුමක් සංවිධාන කර තිබුණේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ අසමසම වීරත්වයේ මහකය පරම්පරා ගණනකට ඉතිරි කර දෙමින්

Post a Comment